May 14, 2012

ශාන්ත පීතර පාසල් රගර් ලකුණු සටහනේ පෙරමුණට

පාසල් රගර් තරගාවලිය ඇරඹී තෙවන සතිය ගෙවී යද්දී බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය ‍ලකුණු සටහනේ පෙරමුණට ඒමට සමත් වී සිටියි.තරග තුනකට සහභාගි වී ශාන්ත පීතර සහ රාජකීය විද්‍යාල එම තරග තුනම ජය ගෙන සිටින අතර ලකුණු ලබා ගැනීමේ දී දක්වා තිබෙන දක්ෂතා අනුව රාජකීයයන් අභිබවා පෙරට ඒමට ශාන්ත පීතර විද්‍යාලයට හැකි වී ඇත.මේ අතර දක්වා තිබෙන දක්ෂතා අනුව ඔවුන්ගේ සාම්ප්‍රදායික විරුද්ධවාදීන් හැටියට සැළකෙන මරදාන ශාන්ත ජෝෂප් කණ්ඩායම තරග තුනම පරාජය වී එම ලකුණු සටහනේ අවසානයට සිටීමද කැපී පෙනෙයි.
මේ අතර පාසල් රග්බි තරගාවලියේ දෙවන කොටසේ පෙරමුණ ගැනීමට මහනුවර ධර්මරාජ විද්‍යාලය සමත් වී සිටින අතර එම ලකුණු සටහනේ දෙවන තැන සිටින්නේ කොළඹ වෙස්ලි විද්‍යාලීය කණ්ඩායමයි.සි කොටසෙන් මොරටුව වේල්ස්කමර විදුහල සහ කොළඹ ආනන්ද විදුහල පිළිවෙලින් ප්‍රථම සහ දෙවන තැන පසු වන්නේ අපරාජිත කණ්ඩායම් හැටියටය.

No comments: