May 17, 2012

ක්‍රිකට් මාධය කටයුතු අමාත්‍යංශය යටතට

 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වැඩ බලන මාධ්‍ය අධ්‍යක්ෂවරයා ලෙස ක්‍රීඩා අමාත්‍යංශයේ මාධය ලේකම් හර්ෂ බී අබේකොන් පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත.රජයේ ජේෂ්ඨ අමාත්‍යවරුන් දස දෙනෙකු යටතේ විවිධ අමාත්‍යංශයන් හී මාධ්‍ය ලේකම් ලෙස කටයුතු කර ඇති හර්ෂ,වසර 20 ක පමණ රජයේ ප්‍රවෘත්ති අමාත්‍යංශය යටතේ ප්‍රවෘත්ති නිලධාරියෙකු ලෙස කටයුතු කර ඇති මාධය කේෂ්ත්‍රය පිළිබද පුළුල් අවබෝධයක් ඇත්තෙකි.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ශ්‍රාස්ත්‍රපති උපාධිය ලත් හර්ෂ කොළඹ විශ්ව විද්‍යාලයෙන් ජනසංනිවේදනය පිළිබද ඩිප්ලෝමාවේ විශිෂ්ඨ සමාර්ථය ලබා ඇති අතර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජනසංනිවේදන විශය සම්බන්ධ පශ්චාත් අපාධි ඩිප්ලෝමාධාරියෙකු මෙන්ම ශ්‍රාස්ත්‍රපති උපාධිධාරියෙකු ද වේ.කැළණිය විශ්ව විද්‍යාලයෙන් දේශපාලන විද්‍යාව පිළිබද ශාස්ත්‍රපති උපාධියද,ජාත්‍යන්තර කටයුතු පිළිබද පශ්චාත් උපාධි ඩිප්ලෝමාවද ලබා ඇති හර්ෂ,මහජන උපයෝගිතා කොමිසම,නැව් සංස්ථාව,ශ්‍රි ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය සහ ලක්සල ආදි ආයතන ගණනාවකම මාධ්‍ය උපදේශක ලෙස කටයුතු කර ඇත.
ජාතික ක්‍රීඩා මාධ්‍යවේදීන් ගේ පදනම නිර්මාණය කිරීමට පෙරටුගාමීව කටයුතු කළ හර්ෂ මේ වන විට එහි ලේකම් ධූරය දරන අතර,සිනමා මාධ්‍ය පදනමේ සභාපතිවරයා මෙන්ම ශ්‍රී ලංකා පත්තර කලා සංගමයේ ජ්‍යෙෂ්ඨ විධායක සභිකයෙකු ද වේ.රාජ්‍ය මාධ්‍ය ලේකම්වරුන්ගේ සංගමයේ ලේකම් ධූරය ද හොබවන හර්ෂ පැවත්වීමට නියමිත ආසියානු යොවුන් මලල ක්‍රීඩා සූරතාවලියේ මාධ්‍ය කමිටුවේ ප්‍රධානියා ලෙස ද කටයුතු කරයි.  

No comments: