May 13, 2012

ප්‍රාදේශිය ක්‍රිකට් පුහුණුකරුවන් නම් කෙරේ


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පළාත් සහ දිස්ත්‍රික් ක්‍රිකට් පුහුණුකරුවන් නම් කිරීමට පියවර ගෙන ඇත.ඒ අනුව මංජුල කරුණාරත්න,රවින්ද්‍ර පුෂ්පකුමාර,චමින්ද කොඩිකාර,අජිත් ඒකනායක,සුනිල් ප්‍රනාන්දු,නිරෝෂන් බණ්ඩාරතිලක,රෝහිත පෙරේරා,දර්ශන ගමගේ,රුවින් පීරිස් සහ ලංකා ද සිල්වා යන පුහුණුකරුවන්ට පිළිවෙළින් නැගෙනහිර,උතුර,ඌව,උතුරු මැද,මධ්‍යම,දකුණ,බස්නාහිර පළාත උතුර,බස්නාහිර උතුර පිටත,බස්නාහිර දකුණ සහ බස්නාහිර දකුණ පිටත ලෙස වගකීම් පැවරී ඇත.
දිස්ත්‍රික් පුහුණුකරුවන් නම් කිරීමේදී ඒ අන්වර්ඩීන්ට මඩකළපු දිස්ත්‍රික්කය පැවරී ඇති අතර ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය මංගල ධර්මසේන ට පැවරී ඇත.කනගරාදරන්,ජයකුමාරන් සහ ලක්ෂිත හේරත් ට පිළිවෙළින් මුලතිව්/කිලිනොච්චි,වව්නියා /මන්නාරම සහ යාපනය දිස්ත්‍රික් වල වගකීම පැවරී ඇත.ප්‍රියන්ත වේරගල ට බදුල්ල දිස්ත්‍රික්කය පැවරී ඇති අතර වසන්ත කුමාර අම්පාර දිස්ත්‍රික් පුහුණුකරු ලෙස පත් කර ඇත.මොණරාගල දිස්ත්‍රික් පුහුණුකරු ධූරයේ වගකීම පැවරී ඇත්තේ කසුන් මධුරංග ටය.
සමන් සේනානායක ට සහ නිහාල් එදිරිසිංහ ට පිළිවෙලීන් මාතලේ සහ පොළොන්නරු දිස්ත්‍රික්ක පැවරී ඇති අතර සජිත් රූපසිංහට සහ පීඩී රණවකට කුරුණෑගල ප්‍රදේශය පවරා ඇත.අමිල පින්නදූව සහ සුරේස් පීරිස් අතර මහනුවර අංක 1 සහ 2 කළාප පිළිවෙළින් බෙදී ගොස් ඇති අතර මිගාර ඒකනායකට කෑගල්ලත් කේ කදිගේෂන්ට නුවරඑළියත් පැවරී ඇත.ගාල්ල 1 සහ 2 කළාප පිළිවෙළින් ලසිත් දමින්ද සහ ප්‍රනීත් පීරිස් අතර බෙදී ඇති අතර ගලප්පත්තිට මාතර දිස්ත්‍රික්කය පැවරී ඇත.හම්බන්තොට දිස්ත්‍රික්කය කළාප දෙකකට බෙදා වෙන් කර ඇති අතර නීල් කුමාර සහ නිලංක තෝමාර පිළිවෙළින් එම අංක 1 සහ 2 කළාප වල පුහුණුකරුවන් ලෙස නම් කර ඇත.කොළඹ උතුර 1 කළාපය සීඩී තොටගමුවටත් එම 2 කළාපය බුවනෙක රන්දෙණියටත් පවරා ඇත.ලකී රොජර්ස් ප්‍රනාන්දු කොළඹ දකුණ 1 පුහුණුකරු ලෙස පත්කර ඇති අතර අජිත් වීරසිංහ එම අංක දෙක පුහුණුකරු ලෙස පත් කර ඇත.
හිරෝෂි වෙළගෙදර රත්නපුර පුහුණුකරු ධූරයට පත් කර ඇති අතර කළුතර අංක 1 පුහුණුකරු ධූරයට එස්කේ පෙරේරා ත් අංක දෙක කළාපයට උමාල් එරන්දිකත් ‍පත් කර ඇත.වසන්ත විජේසූරිය පුත්තලම දිස්ත්‍රික් ක්‍රිකට් පුහුණුකරු ලෙස පත් කර ඇති අතර ගම්පහ අංක 1 කළාපය විපුල සිට්ටමගේටත් අංක දෙක කළාපය සමන්ත ගුරුගේටත් පැවරී ඇත අතර අංක තුන කළාපය ඇලෙක්ස් නිශාන්ත පෙරේරා ට පවරා ඇත.

No comments: