May 19, 2012

සමරවීර - චාමර ගැටෙති

කිස්තානු සංචාරයට නම් කර ඇති සංචිතයට අයත් ක්‍රීඩකයන්ගෙන් සැදුම්ලත් තිලාන් සමරවීර නායකත්වය දරණ කණ්ඩායම සහ  චාමර සිල්වා නායකත්වය දරන කණ්ඩායම අතර තරගයක් හෙට කොල්ට්ස් පිටියේදී ආරම්භ වීමට නියමිතය.20 දා සිට 23 දා දක්වා පැවත්වෙන මෙම සිව් දින තරගයේදී සමරවීරගේ කණ්ඩායමට චාමර කපුගෙදර,කුසල් ජනිත් පෙරේරා,උපුල් තරංග,තිළිණ කණ්ඩම්බි,කෞෂාල් ලොකුආරච්චි,දිල්රුවන් පෙරේරා,ඉසුරු උදාන,ධම්මික ප්‍රසාද්,සුරංග ලක්මාල් සහ දිල්හාර ප්‍රනාන්දු අයත් වෙති.
චාමර සිල්වා ගේ කණ්ඩායම වෙනුවෙන් ප්‍රසන්න ජයවර්ධන,දිනේෂ් චන්දිමාල්,ලහිරු තිරිමාන්න,ජෙහාන මුබාරක්,සචිත්‍ර සේනානායක,ෆර්විස් මහරූෆ්,ජීවන් මෙණ්ඩිස්,චානක වෙළගෙදර,තරංග ලක්ෂිත සහ නුවන් ප්‍රදිප් තරග වදිති. 

No comments: