Apr 13, 2012

නිලූක සහ චන්ද්‍රිකා අලුත් අවුරුද්දට නෙදර්ලන්තයේ


  
ශ්‍රී ලංකා ජාතික බැඩ්මින්ටන් සූරයා සහ මේ වන විට ඔලිමිපික් තරගාවලිය සදහා සුදුසුකම් ලබා සිටින එකම ක්‍රීඩකයා වන නිලූක කරුණාරත්නත් බැඩ්මින්ටන් සූරී රේනු චන්ද්‍රිකා ද සිල්වා ත් හෙට උදාවන සිංහල අවුරුදු දා නෙදර්ලන්තයේ පැවත්වෙන යොනෙකස් නෙදර්ලන්ත ජාත්‍යන්තර බැඩ්මින්ටන් සූරතාවලියට සහභාගි වීමට නියමිතය.තරගාවලියට සහභාගි වන ක්‍රීඩකයන් අතර තෙවන තැනට ශ්‍රේණිගතව සිටින නිලූක, ස්කොවේකියාවේ ඊස්ටොක් උස්ටෝසා සමග තරග වැදීමට නියමිතය.
රේණු චන්ද්‍රිකා ද සිල්වා තරග වැදීමට නියමිතව ඇත්තේ මෙම තරගාවලියට සහභාගි වන ක්‍රීඩිකාවන් අතරින් තෙවන ස්ථානයට ශ්‍රේණිගතව සිටින  එංගලන්තයේ එලිසබෙත් කෑන් සමගින් ය.නිලූක ජගත් ශ්‍රේණිගත කිරීම්වල 49 වන ස්ථානයේ පසුවන අතර රේණු චන්ද්‍රිකා පසු වන්නේ කාන්තා ශ්‍රේණිගත කිරීම්වල 141 වන ස්ථානයේ ය.

No comments: