Apr 14, 2012

නිලූක පවර් ගේ පවර් එකට යට වේ


යොනෙක්ස් නෙදර්ලන්ත ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලියේ අවසාන පූර්ව තරගයට ඉදිරිපත් වූ නිලූක කරුණාරත්න ඉන්දීය ක්‍රීඩක ආනන්ද් පවර් සමග විනාඩි 53 ක් තිස්සේ පැවති තරගයෙන් ප්‍රථම වටය 21 / 18 ක් ලෙස ජය ගත්ත ද, වට 2 / 1 ක් ලෙස පරාජයට පත් විය.දෙවන සහ තෙවන වට ලකුණු 21/ 12 සහ 21/18 ක් ලෙස ජයගත් පවර් ඉන්දුනීසියවේ ඇන්ඩ්‍රේ කුර්නිවාන් සමග අවසාන තරගයට සුදුසුකම් ලබා ගත්තේය.
අර්ධ අවසන් පූර්ව තරගය නිලූක විනාඩි 35 දී අවසන් කළ අතර එහිදී සිය ප්‍රතිවාදියා වූ චෙක් ජනරජයේ පෙට්ර් කොවුකල් ලකුණු 21 /13 සහ 21 / 9 ක් ලෙස පරාජයට පත් කළේය.කෙසේ වුවත් මෙම තරගයේ අවසාන පූර්ව තරගය සදහා පිවීසීමට සමත් වූ නිලූක මේ වන විට ජගත් ශ්‍රේණිගත කිරීමේ 49 වන ස්ථානයේ සිට මේ සතියේ 51 වන ස්ථානය දක්වා පසු බැසීමට සිදු වූ නිලූකට මෙම අවසාන පූර්ව තරගයට පිවිසීම පාදක කරගෙන ඉදිරි සතියේදී යළිත් පියවර කිහිපයක් ශ්‍රේණිගත කිරීමෙන් ඉදිරියට පැමිණීමට ලැබෙනු ඇත.  

No comments: