Apr 12, 2012

ලන්ඩනයේ දී සිංහ ධජය නිලූක අතට ?

නිලූක මියාමි ජාත්‍යන්තර තරගාවලිය ජය ගැනීමෙන් අමතරව
මෙවර ලන්ඩන් ඔලිම්පික් උළෙලේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දීමේ වගකීම බොහෝ දුරට නිලූක කරුණාරත්න ට හිමි වනු ඇතැයි ජාතික ඔලිම්පික් කමිටු නියෝජිතයෙකු සුපිරි ක්‍රීඩා වෙත පැවසීය.දැනට ඔලිමිපික් සහභාගීත්වය සදහා සුදුසුකම් ලබා ඇති එකම ක්‍රීඩකයා වන නිලූක කරුණාරත්න මේ වන විට ජගත් බැඩ්මින්ටන් ශ්‍රේණිගත කිරීමේ 49 වන සථානයේ පසුවන නිලූක ඔලිම්පික් තරගාවලිය සදහා සුදුසුකම් ලැබූ ක්‍රීඩකයන් 38 අතර මේ වන විට 29 වන ස්ථානයේ පසුවෙයි.ඉදිරි තරගාවලි වල දී තව දුරටත් මෙම තත්ත්වයේ වර්ධනයක් ඇති වුවහොත් නිලූකට තරග සටහනේ පහසු ස්ථානයක සිට තරග වැදීමට අවස්ථාව ලැබෙනු ඇත.
අද නෙදර්ලන්තයේ ඇරඹෙන නෙදර්ලන්ත ජාත්‍යන්තර තරගාවලිය සදහා සහභාගි වීමට නිලූක සූදානමින් සිටින අතර ඔහු ගේ ඔලිම්පික් සහභාගීත්වය සදහා විශාලතම දායකත්වය ලබා දුන්නේ ක්‍රීඩා අමාත්‍යවරයාගේ ආශිර්වාදය ඇතිව මැක්ලරන්ස් අධිපති රොහාන් ඩි සොයිසා ය.හිටපු පරිපාලනය නිලූක ට ගෙනෙන ලද බැඩ්මින්ටන් තහංචිය ඉවත් කිරීමට කටයුතු කරමින් ඔහුට යළි බැඩිමින්ටන් තරග සදහා සහභාගිවීමට අවස්ථාව ලබා දුන්නේ ක්‍රීඩා අමාත්‍යවරයා ය.එසේම ඉන් අනතුරුව ජාත්‍යන්තර ජයග්‍රහණ ලබමින් මෙම කීර්තිමත් අවස්ථාව රටට උදා කර දීමට මුල් තැන ගත්තේ රොහාන් ඩි සොයිසා ය.නමුත් නිලූක සමග ඔලිම්පික් තරගාවලියට කළමණාකරු සහ පුහුණුකරු ලෙස සහභාගි වීමට බැඩ්මින්ටන් පරිපාලනයේ නිලධාරීන් දෙදෙනෙකු ගේ නම් ඉදිරිපත් කරමින් නිලූක ගේ ඇවෑමෙන් ලන්ඩන් සංචාරයක යෙදෙන්නට උත්සාහ දරන බවක් වාර්තා වන අතර මේ දෙදෙනා නිලූකට තරග තහනම සදහා අවශ්‍යය ආකාරයට චෝදනා සකස් කළ නිලධාරීන් වීම ද ඛේදවාචකයකි.
නිලූකට ඔලිම්පික් තරගාවලිය නියෝජනය කිරීමට නොහැකි ආකාරයට තරග තහනමක් පැන වූ නිලධාරීන්ම ඔහු ගේ අැගේ එල්ලී ලන්ඩන් යාමට උත්සාහ දැරීමේ නිර්ලජ්ජිත කාර්යයක නියැලෙමින් සිටීම සුපිරි කීඩා දැඩිව හෙළා දකින අතර එම අවස්ථාව ශ්‍රී ලංකාවට මෙම අනර්ඝ අවස්ථාව දිනා දුන් නිලූක කරුණාරත්නගේ මානිකත්වයට සුදුසු ආකාරයෙන් සිදුවිය යුතු බව සුපිරික්‍රීඩා අවධාරණය කරයි.  
www.supirikrida.com

No comments: