Apr 14, 2012

නිලූක නෙදර්ලන්ත තරගාවලියේ අවසන් අට දෙනා අතරට


ශ්‍රී ලංකා බැඩ්මින්ටනෟ සූර නිලූක කරුණාරත්න යොනෙක්ස නෙදර්ලන්ත ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලියේ අද පැවති තරගකාරී වටයේ ප්‍රථම සහ දෙවන වටයේ තරග ජය ගනිමින් අර්ධ අවසන් පූර්ව තරග සදහා සුදුසුකම් ලබා ගන්නට සමත් වුණා..රගාවලියට සහභාගිවන ක්‍රීඩකයන් අතර අංක තුනට ශ්‍රේණිගතව සිටින නිලූක,ප්‍රථම තරගයේදී ස්ලොවේනියාවේ ඊස්ටොක් උත්රෝස් විනාඩි 29 ක කාලයක් තුළ පරාජය කරනු ලැබුවේ ලකුණු 21 /14 සහ 21 /15 ක් ලෙස යි.දෙවන තරගයේදී දෙවන වටයේ ලද මද පසු බෑම හේතුවෙන් ස්ලොවේකියාවේ ජරොලම් වීසන් වෙතින් එම වටය ලක්‍රණු 9 / 21 ලෙස පරාජය ලැබුවද
විනාඩි 45 ක් තිස්සේ ගත් උත්සාහයක ප්‍රතිපලයක් අනුව ප්‍රථම වටයේ සහ තෙවන වටයේ ජය 21 /17 සහ 21 / 15 ලෙස ජයගත් නිලූක අර්ධ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබා ගත්තා.
මේ අතර කාන්තා අංශයෙන් මෙම තරගාවලියට ඉදිරිපත් වූ රේණු චන්ද්‍රිකා ද සිල්වා එංගලන්තයේ එලිසබෙත් කැන් අතින් විනාඩි 23 ක් තුළ දී ලකුණු 21 /8 ක් සහ 21 /11 ලෙස පරාජයට පත් වුණා.
www.supirikrida.com

No comments: