Apr 10, 2012

ආසියානු ශ්‍රේණිගත කිරීමේ තරගාවලියේ අර්ධ අවසන් වටයට ශ්‍රී ලංකා කණ්ඩායම් තුනක්


තායිලන්තයේ ක්‍රියාත්මක  රටවල් 17 ක ක්‍රීඩක ක්‍රීඩිකා කන්ඩායම් 49 ක් සහභාගි වන කනොව් සම්රාන් ආසියානු ශ්‍රේණිගත කිරීමේ වෙරළ වොලිබෝල් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම් දෙක සහ පිරිමි අංක 1 කණ්ඩායම සමත් වී තිබෙනවා.මේ අතරින් ආසියාවේ ප්‍රබලතම වෙරළ වොලිබෝල් කණ්ඩායම් ඇති රටක් ලෙස පිළිගැනෙන කසකස්ථානය ලකුණු 21 / 18 සහ 24 / 22 ලෙස පරාජය කරමින් ද හොංකොං දේශය ලකුණු 21 / 11 සහ 21 / 13 ලෙස පහසුවෙන්ම පරාජය කරමින් ද සී කොටසේ සූරයින් ලෙස අර්ධ අවසන් පූර්ව වටයට පිවිසි පුබුදු ඒකනායක සහ සම්පත් පීරිස් ගැන තරගාවලියේ විශේෂ අවධානයක් යොමු වී තිබෙන බව වාර්තා වෙනවා.
සාගරිකා ගුණසිංහ සහ නිරෝෂා ගුණසිංහ අර්ධ අවසන් වටය සදහා පිවිසීම සදහා තමන් සහභාගි වූ සී කොටසෙන් 23 /21 සහ 21 /14 ක් ලෙස වියට්නාමය පරාජය කළ අතර ශ්‍රී ලංකා අංක එක කණ්ඩායම වන ගීතිකා ගුණවර්ධන සහ තක්ෂිලා නෙරංජලී 28 /26,14 /21,සහ 16/18 ලෙස ප්‍රබල තරගයක නියැලී ඉන්දුනීසියාව හමුවේ පරාජය වුව ද,ඔවුන් සහභාගි වූ ඩී කොටසේ අනු සූරියන් ලෙස අර්ධ අවසන් පූර්ව වටයට පිවිස තිබෙනවා.
මීට දින කිහිපයකට ඉහත තායිලන්තයේ ට්‍රැට් හී පැවති වෙරළ වොලිබොල් තරගාවලියේදී ලෝකඩ පදක්කමට හිමි කම් කී අසංග ප්‍රදීප් කුමාර සහ මලින්ද යාපා මෙම තරගාවලියේ දී ඕමානය සහ ඕස්ට්‍රේලියාව වෙතින් පරාජය ලැබීම නිසා අර්ධ අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලැබීමේ බලාපොරොත්තුව අතහැර දමන්නට සිදු වුණා.  

No comments: