Apr 10, 2012

යළි සුක්කානම ඩිලානි මනෝදරා ට


ටහිර ඉන්දීය කොදෙව් සංචාරය සදහා නම් කරන ලද ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය යළිත් ඩිලානි මනෝදරා ට හිමි වී තිබෙනවා.කණ්ඩායමේ කඩුලු රකින්නිය මෙන්ම මැද පෙළ ප්‍රහාරාත්මක පිතිකාරිණියක ද වන ඩිලානි ගේ නායකත්වය යටතේ නම් කරන ලද 14 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමේ උප නායකත්වය පළපුරුදු ක්‍රීඩිතාවක් වන සදමාලි දොලවත්තට හිමි ව ඇති අතර කණ්ඩායමට ප්‍රථම විදේශ සංචාරයට එක්වන මුහුණු කිහිපයක්ම ඇතුළත් කර තිබෙනවා.
ඩිලානි සහ සදමාලි මෙන්ම ශෂිකලා සිරිවර්ධන,චාමනි සෙනවිරත්න,ශ්‍රීපාලි වීරක්කොඩි සහ චමරි අතපත්තු වැනි පළපුරුදු ක්‍රීඩිකාවන් ද කණ්ඩායමට ඇතුළත් වන අතර තරගාවලියට නම් කරන ලද සමස්ථ කණ්ඩායම මෙසේ වනවා.ඩිලානි මනෝදරා,සදමාලි දොලවත්ත,චමරි අතපත්තු,ඉනෝකා ගලගෙදර,යසෝධා මෙණ්ඩිස්,ශෂිකලා ‍සිරිවර්ධන,දීපිකා රසාංගිකා, ප්‍රසාදිනි වීරක්කොඩි,චාමිනි සෙනවිරත්න,චන්දිමා ගුණරත්න,ශ්‍රීපාලි වීරක්කොඩි,ධශානි ධර්මසිරි,මධුරි සමුදිකා සහ ඉනෝකා රණවීර.
මීට අමතරව අතිරේක ක්‍රීඩිකාවන් සිව් දෙනෙකු ද කණ්ඩායමට අවශ්‍යයතාවය මත ඇතුළත් කිරීමට සිදු වුවහොත් ඇතුළත් කිරීම සදහා පෙළ ගස්වා තිබෙන අතර ඒ අතර ශ්‍රී ලංකාවේ සිටින අති දක්ෂ බොක්ෂිං ක්‍රීඩිකාවක වන නිලූකා කරුණාරත්න ද සිටීම කැපී පෙනෙනවා.නිලූකාට අමතරව එම සිව්දෙනාට ඕෂධි රණසිංහ,ලසන්ති මධුෂානි සහ උදේශිකා ප්‍රබෝධනී යන ක්‍රීඩිකාවන් ඇතුළත් වෙනවා.

No comments: