Apr 11, 2012

ප්‍රංශ තරගාවලියෙන් පසුව රේණු චන්ද්‍රිකා පියවර තුනක් ඉදිරියට


ප්‍රංශ ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලියෙන් පසුව ජගත බැඩ්මින්ටන් ක්‍රීඩිකා වර්ගීකරණයේ පියවර තුනක් ඉදිරියට ඒමට රේනු චන්ද්‍රිකා ද සිල්වා සමත් වී ඇත.ඒ අනුව නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව චන්ද්‍රිකාට හිමි වන්නේ 141 වන ස්ථානය ය.
ප්‍රංශ විවෘත තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩිකාවන් තිදෙනෙකු සහභාගි වූ අතර ඒ අතරින් එක් තරගයක් හෝ ජය ගැනීමට සමත් වූයේ චන්ද්‍රිකා පමණි.ඇය බෙල්ජියමේ මාරි ඩෙමී පරාජය කරමින් 21 / 16, 21/16 ලෙස එම තරගය ජය ගැනීමට සමත් වූවා ය.
තරගාවලියට සහභාගි වූ තිළිණි ජයසිංහ අනූ නයිමිනන් අතින් 21/17 සහ 21 / 16 ලෙස පරාජය වූ අතර මැලේසියාවේ ලි ලියැන් යන්ග් අචිනි රත්නසිරි ව පරාජයට පත් කළේ ලකුණු 21 /8 සහ 21 /14 ක් ලෙස ය.සිය දෙවන තරගය සදහා ඉදිරිපත් වූ රේනු චන්ද්‍රිකා වේල්සයේ කැරීසා ටර්නර් අතින් 21 /14 සහ 21 /17 ක් ලෙස පරාජය ලැබුවාය.
නවතම ශ්‍රේණිගත කිරිම් වලට අනුව අචිනි රත්නසිරි ද යම් ප්‍රගතියක් පෙන්වන අතර ඇය 155 දක්වා ඉදිරියට පැමිණ ඇත.හ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අතරින් තිළිනි ජයසිංහ ඉදිරියෙන්ම සිටින ක්‍රීඩිකාව වන අතර ඇය 107 වන ස්ථානයේ පසුවන අතර ඇය ඉකුත් මාර්තු 15 වන දා වන විට 105 වන ස්ථානයේ රැදී සිටියා ය

No comments: