Apr 21, 2012

දකුණු ආසියාවේ කඩු හරඹ අනු සූරතාවය ශ්‍රී ලංකාවට


න්දියාවේ අන්ද්‍රා ප්‍රදේශයේ කොට්ලා හී පිහිටි විජේ බාස්කර් රෙඩ්ඩි ක්‍රීඩාංගණයේ දී රටවල් පහක සහභාගීත්වයෙන් පැවති දකුණු ආසියාතික කඩු හරඹ සූරතාවලියේ දී අනු සූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වී ඇත.පකිස්තානයට වීසා ලබා ගැනීමේ දී ඇති වූ ගැටළුනවක් මක මෙම තරගාවලියට නියිමිත වේලාවට සහභාගිත්වය සනාත කිරීමට නොහැකි වූ අතර සත්කාරක ඉන්දියාව,ශ්‍රී ලංකාව,නේපාලය,ඇෆ්ගනිස්තානය සහ බංගලාදේශය යන රටවල් පහක සහභාගීත්වයෙන් පැවති මෙම තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ ක්‍රීඩක සහ ක්‍රීඩිකාවන් කණ්ඩායම අතරින් අතර කාන්තා කේවල ඉසව්වේ දී ශ්‍රී ලංකාවේ පියුමි ක්‍රිෂාන්ති ලෝකඩ පදක්කම දිනා ගත්තාය.ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර තරග වලට සහභාගි වී ඇති බොක්සිං ක්‍රීඩිකාවක වන නිරජලා වීරරත්න ද මෙම කඩු හරඹ කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩා ඉසව් දෙකක දී ජාතික නියෝජනය කිරීමේ දුර්ලභ අවස්ථාව දිනා ගැනීමට සමත් වීම කැපී පෙනෙන සිදු වීමක් විය.


ඉන්දීය ජාතික ෂන්මුගම් ගනේෂන් ගේ පුහුණුකාරීත්වය යටතේ ක්‍රියාත්මක වුණු ශ්‍රී ලංකා කණ්ඩායමේ සහය පුහුණුකරු ලෙස සහභාගි වූයේ ආසිරි විජේසිංහ ය.කණ්ඩායම් කළමණාකාරිණි ලෙස කසුනි සිල්වා සංචාරයට එක් වූ අතර නිලධාරිනිය ලෙස සුලෝචනී සෙනරත් සහභාගි විය.
ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායමට ප්‍රදීප් දුනුකියනගේ,සුරේෂ් සුභසිංහ,සුරේස් සුදර්ශණ,සදේස් චන්දන සහ මංජුල ප්‍රනාන්දු මෙම සංචාරයේදී හ්‍රී ලංකා පිරිමි කණ්ඩායම නියෝජනය කළ අතර නිරංජලා වීරරත්න,පියුමි ක්‍රිෂාන්ති,සංදීපා සදමාලි ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ඇතුළත් විණි.ඡායාරූපයේ දැක්වෙන්නේ සමස්ත තරගාවලියේ දී සමස්ත අනු සූරතාවය සහ කාන්තා අනු සූරතාවය ද සමග කාන්තා අංශයෙන් රිදී පදක්කම් 6 ක් සහ ලෝකඩ පදක්කම් 4 ක් ද කාන්තා අංශයෙන් ලෝකඩ පදක්කම් 4 ක් ද දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණුකරු,සහය පුහුණුකරු සහ කණ්ඩායම් කළමණාකාරීත්වය සමග ඡායාරූපයකට මුහුණ දුන් අයුරු සහ තරගාවලියේ අවස්ථාවකි.

No comments: