Apr 16, 2012

යොහාන් බ්ලේක් ට 1 ෂෙහාන් ට 17

ෂෙහාන් සහ බ්ලේක් තරග වදිමින්

ජැමෙයිකානු විවෘත මලල ක්‍රීඩා සූරතාවලියේ දී මේ වසරේ හොදම කාලය වාර්තා කරමින් මීටර් 100 ආරාධිත තරගය ජය ගන්නට ලෝක සූරතා තරගාවලියේ මීටර් 100 ජයග්‍රාහකයා වූ යොහාන් බ්ලේක් සමත් වූ අතර ඔහු ඉසව්ව තත්පර 9.90 දී නිම කරන්නට සමත් විය.බ්ලේක් සහ බෝල්ට් අතර තරගයක් බලාපොරොත්තුවෙන් ජැමෙයිකානු ජාතික ක්‍රීඩාංගණයට රැස් වූ පිරිසට සිය බලාපොරොත්තු සිද දමා ගන්නට සිදු වූ අතර බෝල්ට් මීටර් 100 තරගයට ඉදිරිපත් නොවූ අතර ඔහු රේසර්ස් ට්‍රැක් සමාජය නියෝජනය කරමින් මීටර් 4 x 100 තරගයේ දි එම කණ්ඩායම ජයග්‍රහණය කරවීම පිණිස විශාල දායකත්වයක් දැක් වූ අතර රේසර්ස් ට්‍රැක් සමාජය මෙම තරගය ජය ගත්තේ නව වාර්තාවක් තබමින් තත්පර 37.82 ක කාලයක් වාර්තා කරමින්ය.
මේ තරගාවලිය සදහා මේ වන විට ජැමෙයිකාවේ පුහුණුව ලබන ෂෙහාන් අඹේපිටිය ද සහභාගි වූ අතර ඔහු මීටර් 100 තරගයේ දී  මේ වසරේ ලාංකිකයෙකු වාර්තා  කළ හොදම කාලය වාර්තා කරන්නට සමත් විය.තරග හතරක් ලෙස ක්‍රියාත්මක වූ හොදම කාලය අනුව ජයග්‍රාහකයා තීරණය වූ මෙම තරගයේදී යොහාන් බ්ලේක් තරග වැදි තරගයට සහභාගි වූ ෂෙහාන් එම තරගයට ඉදිරිපත් වූ ක්‍රීඩකයන් හත් දෙනෙකු අතරින් හත් වැන්නා වූ අතර තරගයට ඉදිරිපත් වූ 27 දෙනෙකු අතරින් ෂෙහාන් වාර්තා කළ කාලය වූ තත්පර 10.54, 17 වන ස්ථානයේ රැදිණි.

No comments: