Apr 18, 2012

ගෙබ්රෙලාසි තවමත් ඔලිම්පික් සිහින දකියි


ලොව පහළ වූ අත් විශිෂඨතම දුර ධාවකයා ලෙස පිළිගැනෙන හේලි ගෙබිරෙලාසි මෙවර ඔලිම්පික් මැරතන් තරගයටද ඉතියෝපියාව  නියෝජනය කිීමට සිහින දකිමින් සිටියි.දුර ධාවනයේ ධාවන පථයේ මෙන්ම මාර්ග ධාවන ඉසව් වලද සියළුම ඉසව් වල ලෝකයේ හොදම කාලය සිය නමින් වාර්තා පොත් වලට ඇතුළත් කර ගැනීමට සමත් වූ මෙම ක්‍රීඩකයාගේ පසු පරම්පරාව අද එම වාර්තා වලින් ඔහු ගේ නම ඉවත් කිරීමට තරම් දක්ෂතා දක්වා ඇතත් ඒ සියළු වාර්තා තමන් නමින් ලියා ගැනීමට හැකි සමතෙක් බිහි වී නැත.ඒ නිසා තවමත් ලොව පහළ වූ අද්වීතීය දුර ධාවකයා ලෙස හැදින්වෙන ගෙබ්රෙලාසි ඉදිරියේදී දක්ෂතා දක්වා ඔලිම්පික් මැරතන් තරගයේදී බතියෝපියාට එහි රන් පදක්කම දිනා දීම සදහා සටන් කරනු ඇතැයි විශ්වාසයක් ඇති කර ගැනීම බොහෝ දුරට සැබැවක් වනු හැකි සිහිනයකි.
මේ දිනවල ඔහු මැන්චෙස්ටර් මාර්ග ධාවන තරගය වෙනුවෙන් සූදානමින් සිටින අතර එම කිමී 10 මාර්ග ධාවන තරගය පස්වන වරටත් ඔහුට ජය ගනු හැකි බවට විශ්වාසය පළ කරමින් අලුත් පරමිපරාවට විශාල අභියෝගයක් තරගයට පෙරාතුවම එල්ල කර ඇත. 

No comments: