Apr 20, 2012

ඔලිම්පික් නියෝජනයේ දී චීනයට අවස්ථා තුනක් ලැබෙන ලකුණු, නිලූක 27 ට

චෙන් ජින්
මේ දිනවල් ක්‍රීයාත්මක වන යුරෝපා බැඩ්මින්ටන් කුසලාන තරගාවලියේ දී ජගත් ශ්‍රේණිගත කිරීම් වල අංක 4 ට ශ්‍රේණිගතව සිටින ඩෙන්මාර්කයේ පීටර් හොග්, ස්වීඩනයේ හෙන්ර් හර්ස්කනන් වෙතින් අර්ධ අවසාන පූර්ව තරගයේ දී ලද පරාජය මෙන්ම මේ වන විට ක්‍රියාත්මක ආසියානු සූරතාවලියේදී ජගත් ශේණිගත කිරීම් වල පස්වන ස්ථානයේ සිටින චීනයේ චෙන් ජින් අර්ධ අවසාන තරග වලට පැමිණ සිටීමත් යන කාරණා සැළකිල්ලට ගනිද්දී මෙවර ඔලිම්පික් තරග නියෝජනය සදහා ජගත් ශ්‍රේණිගත කිරිම් වල මුල් ස්ථාන හතරෙන් තුනක් දිනා ගනිමින් ක්‍රීඩකයන් තුනක් ඉදිරිපත් කිරීමේ හැකියාව චීනයට ලැබෙන්නට විශාල ඉඩකඩක් නිර්මාණය වෙමින් ඇත.මේ වන විට පීටර් හොග් සහ චෙන් ජින් අතර ප්‍රසාද ලකුණු පරතරය 834.3500 ක පමණ පරතරයක් තිබෙන අතර හොග් ට මේ තත්ත්වය වැඩි දියුණු කර ගැනීමට යුරෝපීය තරගාවලියේ අංක එකට සිටි ක්‍රීඩකයා ලෙස තිබූ අවස්ථාව මේ අනුව සිවීඩනයේ හෙන්ර් හර්ස්කනන් වෙතින් ලද පරාජයත් සමග අහිමි වී ගියේය.
මේ අතර නිලූක කරුණාරත්න නෙදර්ලන්ත තරගාවලියේ අවසාන පූර්ව තරගයට පිවිසීමත් සමග ජගත් ශ්‍රේණිගත කිරීම්වල 49 වන ස්ථානයේ සිට 51 වන ස්ථානය දක්වා පහළ බැසීම යළිත් 48 වන ස්ථානය දක්වා ඉදිරියට ගෙන එන්නට සමත් විය.මේ අනුව ජගත් ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු පැමිණි ඉහළම ස්ථානය යන්න 49 වන ස්ථානයේ සිට 48 වන ස්ථානය දක්වා තව දුරටත් ඉහළ යන්නේය.ඒ සමගම නිලූක ඔලිම්පික් නියෝජනයට සුදුසුකම් ලබා සිටින ක්‍රීඩකයන් අතර මේ නවතම ශ්‍රේණිගත කිරීමත් සමග 27 වන ස්ථානයට පැමිණෙන්නේය.

No comments: