Apr 18, 2012

ශ්‍රී ලංකා කාන්තා වෙරළ වොලිබෝල් කණ්ඩායම් දෙකට සහ පිරිමි කණ්ඩායමකට තායිලන්තයෙන් ඇමෙරිකානු ඩොලර් 600


තායිලන්තයේ ක්‍රියාත්මක වූ කනොම් චාන්ග් තෙවන ජාත්‍යන්තර වොලිබෝල් සූරතාවලිය නියෝජනය කළ කාන්තා කණ්ඩායම් දෙක වන ගීතිකා ගුණවර්ධන සහ තක්ෂිලා නෙරංජලා අයත් අංක එක කණ්ඩායමටත් සාගරිකා ගුණසිංහ සහ නිරෝෂා ගුණසිංහ නියෝජනය කළ අංක දෙක කණ්ඩායමටත් තරගාවලියේ නවවන තැන දිනා ගැනීමට හැකි වූ අතර ඒ වෙනුවෙන් කණ්ඩායමකට ඩොලර් 200 බැගින් වූ මුදල් ත්‍යාග දිනා ගැනීමට හැකි විය.
මේ අතර  පුබුදු ඒකනායක සහ සම්පත් පීරිස් නියෝජනය කළ ශ්‍රී ලංකා අංක එක කණ්ඩායමටත් නව වන තැන දිනා ගැනීමට හැකි විය.ඒ සදහා ඔවුන්ට ද ඩොලර් 200 ක ත්‍යාග මුදලක් හිමි විය.තරගාවලියේ කාන්තා ජයග්‍රහණය තායිලන්තය නියෝජනය කළ මැකේවි තනරත්තා ට සහ වරපට්සෝන් රැඩරොන් ට හිමි විය.පිරිමි ජයග්‍රහණය හිමි වූයේ කසකස්තානය නියෝජනය කළ ඩයචෙන්කෝ ඇලෙක්සැන්ඩර් ට සහ සිඩොරෙන්කෝ ඇලෙක්සිට යි.ජයග්‍රාහී කණ්ඩායම් යුගලයට ඇමෙරිකානු ඩොලර් 2,200 බැගින් හිමි විය.
www.supirikrida.com

No comments: