Apr 20, 2012

බ්ලේක් කේමන් දූපත් තරගාවලියට පිවිසෙයි


කේමන් දූපත් හී මැයි නවවන දා පැවත්වෙන පළමු කේමන් ආරාධිත ජාත්‍යන්තර මලල ක්‍රීඩා සූරතාවලියේ දී ලෝක සූර යොහාන් බ්ලේක් ද ඊට සහභාගි වන බව සනාථ කොට ඇත.කොරියාවේ දියාගෝ හි දී ජගත් සූරතාවලියක වේගවත්ම ක්‍රීඩකයා වීමේ භාග්‍යය ලත් ලාබාලතම ක්‍රීඩකයා වීමේ භාග්‍යය බ්ලේක් විසින් උදා කර ගනිද්දී ඔහු 21 හැවිරිදි වියේ පසු විය.
ජැමෙයිකානු මලල ක්‍රීඩා සූරතාවලියේ දී තත්පර 9.90 ක කාලයක් වාර්තා කරමින් හොද ආරම්භයක් ලබා සිටින බ්ලේක් වාර්තා කර ඇති හොදම කාලය ලෙස සැළකෙන්නේ 9.82 ය.මේ වන විට උසෙයින් බෝල්ට් ගේ ප්‍රධානතම අභියෝගය බවට පත් ව සිටින බ්ලේක් මීටර් 200 සදහා වාර්තා කර ඇති තත්පර 19.26 ක කාලය ඒ ඉසව්ව සදහා වාර්තා කර ඇති ලොව හොදම දෙවනකාලය ලෙස සැළකෙන්නේ ය.


No comments: