Apr 19, 2012

තිළිණි සහ ගයාත්‍රී ආසියානු සූරතාවලියේ මූලික වටයෙන්ම ඉවතට

නදීශා ගයත්‍රී
සියානු බැඩ්මින්ටන් සූරතාවලිය සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ තිලිණි ජයසිංහ සහ නදීශා ගයත්‍රි සුදුසුකම් වටයේ දී පරාජයට පත් වී ඇත.එහිදි තිලිනි ජයසිහ හොංකොං දේශය නියෝජනය කරන ලද එන්ගන් යී චේන්ග් හමුවේ ලකුණු 21 / 11 සහ 21 / 8 ක් ලෙස පරාජයට පත් විය. නදීශා ගයත්‍රි ඉදිරියේ පරාජයට පත් වූයේ චීන තායිපේ ක්‍රීඩිකා ශී හව් හුන්ග් ය.එහිදී ලකුණු තත්ත්වය 21 /8 සහ 21 / 8 ක් විය.
තිළිණි පරාජය වූ තරගය විනාඩි 20 ට ත් ගයාත්‍රි පරාජය වූ තරගය විනාඩි 16 ට ත් සීමා විය.නෙදර්ලන්ත ජාත්‍යන්තර තරගාවලියට සහභාගි වීමෙන් අනතුරුව ආසියානු තරගාවලියට සහභාගිවීමට සිටි රේණු චන්ද්‍රිකා ද සිල්වා ට වීසා ලබා ගැනීමේ දී ඇති වූ ප්‍රමාදයක් නිසා මෙම තරගාවලියට සහභාගි වීමට හැකි වී නැත.

No comments: