Apr 19, 2012

විදේශ සේවා කණ්ඩායම විදේශ ගත වේ


ශ්‍රී ලංකා විදේශ සේවා වොලිබෝල් කාන්තා කණ්ඩායම හෙට තායිලන්තයේ කොරාඩ් හී දී ඇරඹෙන රැජිණ කුසලාන තරගාවලියට සහභාගිවීමට නියමිතය.ආසියාවේ කාන්තා වොලිබෝල් ක්‍රීඩා සමාජ සදහා වෙන් වූ මෙම තරගාවලියට තායිලන්තය,වියට්නාමය,මියන්මාර්,ඉරානය,ජපානය යන රටවල් නියෝජනය කරන කණ්ඩායම් ඒ කොටසෙන් තරග වදින අතර ශ්‍රී ලංකාව නියෝජනය කරන බී කාණ්ඩයෙන් තරග වදින්නේ චීනය,කසකස්තානය සහ මැලේසියාව වන අතර එම කාණ්ඩයෙන් තරග වැදීමට නියමිතව සිටි කුවේට් කණ්ඩායම ක්‍රීඩා කරන්නේ නැත.ශ්‍රී ලංකාවේ ප්‍රථම තරගය 21 දා එරට වේලාවෙන් මධ්‍යහන 12.00 ට මැලේසියාව නියෝජනය කරන ක්‍රීඩා කණ්ඩායම සමග පැවත්වීමට නියමිතය.
ශ්‍රී ලංකා විදේශ සේවා කාන්තා කණ්ඩායම මෙම තරගාවලියට සුදුසුකම් ලබා ගන්නේ 2010 වසරේ ජාතික සූරතාවය දිනා ගනිමින් පෑ දක්ෂතා පදනම් කරගෙන වන අතර මීට පෙර 2009 සූරතාවය දිනා ගත් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තු කණ්ඩායම ද මෙම තරගාවලිය නියෝජනය කර ඇත.මෙම ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකා විදේශ සේවා කාන්තා කණ්ඩායම වෙනුවෙන් විශාලතම දායකත්වය සපයමින් නායකත්වයෙන් සහ දක්ෂතාවයන්ගෙන් විශාලතම සේවය කළ ලීනා සදමාලි ට ආබාධිත තත්ත්වය නිසා මෙම සංචාරය අහිමිවීම ද ඛේදයකි.
තරගාවලියට සහභාගි වන කණ්ඩායමේ නායකත්වය ඒටීඑච්ටීඑම් රත්නසිරි ට හිමි වී තිබෙන අතර පුහුණුකරු ධූරය අජන්ත දහනායකටත් සහය පුහුණුකාරීත්වය ජානක ඉන්ද්‍රජිත්ට ත් හිමි වී ඇත.අභ්‍යාසක ලෙස කටයුතු කරන්නේ කේඒආර්ජී රාජකරුණා ය.අසංගි හුලුගල්ලගේ කණ්ඩායම් කළමණාකරු ලෙස මෙම සංචාරයට එක්වන අතර එච්ඩබ් සමන්ත සහය කළමණාකරු ලෙස සංචාරයට එක්වන්නේය.
එල්කේඩී විජේකෝන්,යූඑස් රංගනී ඩබ්කේඩබ්ටී පංචලී,ජේඒකේ ජිනාදරී,ඩබ්ඩීකේසි අබේවික්‍රම,පීඩබඑච් ඉසංකා,කේටීඩබ් පෙරේරා,එස්එච් ලක්ෂානි,පීබීඑන් නිලක්ෂි සහ ඒඑම්පීඑස් අධිකාරී කණ්ඩායමේ සෙසු සාමාජිකයෝ වෙති.

No comments: