Jun 27, 2013

HARFA වෙතින් TAG RUGBY

රගර් සහ පාපන්දු ක්‍රීඩාවෙන් ජාතික කණ්ඩායම නියෝජනය කර ඇති හිෂාම් ආබ්දීන් විසින් මෙහෙයවන HARFA රගර් ඇකඩමිය මගින් මෙහෙයවන අවුරුදු 35 ට වැඩි ක්‍රීඩකයන් සහභාගි වන සත් සාමාජික ටැග් රගර් තරගාවලියක් ජූලි 6 සහ 7 දෙදින තුළ කොළඹ හැව්ලොක් ක්‍රීඩා සමාජ ක්‍රීඩා පිටියේදී පැවත්වීමට කටයුතු සූදානම් කර ඇත.ප්‍රබල රගර් ක්‍රීඩකයෙකු මෙන්ම පුහුණුකරුවෙකු ලෙස ද ප්‍රකට ආබ්දීන්ගේ ඇකඩමිය 2008 දී ඇරඹි පසු ඒ සදසහා දායක වෙමින් මාර්කෝ ද සිල්වා,ටෝනි විමලසූරිය සහ කමල් ජයවර්ධන ද පුහුණු කටයුතු සදහා එක් වූ අතර කාන්තා පුහුණුකාරිණියන් ලෙස ජාතික මට්ටමෙන් දක්ෂතා දක්වා ඇති හොරේෂා ප්‍රනාන්දු,රුක්ෂානි ආරියසේන සහ රුවනි දීපිකා ද එක් වී සිටිති.
ජාතික මට්ටමේ සිටි සුපිරිතම ක්‍රීඩකයන් මෙවර HARFA සත් සාමාජික රගර් තරගාවලිය නියෝජනය කරනු ඇතැයි ආබ්දීන් විශ්වාසය පළ කරන අතර ජූලි 6 සහ 7 ආදී රගර් තරුවල නොමැකි දීප්තිය දැක බලා ගැනීමට කොළඹ හැව්ලොක් පිටියට රග්ර් ලෝලීන්ට ගෞරවයෙන් අරාධනා කර සිටියි.
www.supirikrida.com

Jun 26, 2013

දිමුත් නොදැකීම

Dimuth Karunaratne scored his maiden one-day hundredතව දින දෙකකින් ශ්‍රී ලංකාව බටහිර ඉන්දීය කොදෙව් දේශයේදී ඔවුන්ට සහ ඉන්දියාවට එරෙහිව අරඹන තුන් කොන් එක් දින තරගාවලියේදී ශ්‍රී ලකා කණ්ඩායම තෝරා ගැනීමේදි මේ මොහොත වන විට කොදෙව් තණතීරු තුළ ඉහළ දස්කම් දක්වමින් සිටින ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ දක්ෂතා නොසළකා හැර තිබේ.චැම්පියන් කුසලාන තරගාවලියේදී කණ්ඩායමේ බංකු මතට ගාල් කරන්නට සිදු වූ ඇතැම් ක්‍රීඩකයන්ද ආබාධිත තත්ත්වයන් නිසා හිස් තැන් පිරවීමේදීත් කොදව් බිමේ දස්කම් දක්වමින් සිටි ක්‍රීඩකයන්ට මූලික තැන දිය යුතුව තිබුණත්,එහිදි දිගින් දිගටම දක්ෂතා අතර සිටි ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු මෙන්ම ‍ඒ කණ්ඩායමේ නායකයා ද වූ දිමුත් කරුණාරත්න පිළිබදව අවධානය යොමු කළ යුතුව තිබිණ.
කුසල් ජනිත් පෙරේරා චැම්පියන්ස් කුසලාන තරගාවලියේදි වේග තණතීරු වල කාලයට සමපාත වීමේ ගැටළුවකින් පසුවන තත්ත්වයක් තුළ එම තණතීරු තුළ පන්දු හොදින් දර්ශණය කර ගනිමින් සිටි දිමුත් වැනි ක්‍රීඩකයෙකු පිළිබදව වැඩි අවධාන‍යක් යොමු කළ යුතුව තිබිණ.උපුල් තරංග ද මේ මොහොතේ කණ්ඩායමට පිවිසෙන්නේ තරගකාරී වට පිටාවෙන් බැහැරව සිට බැවින් දිමුත් පිළිබදව සිතීම කළ යුතුවම තිබුණු කාරණයක් වුව,තේරීම් කමිටුව අතින් එය ගිලිහී යාම කණගාටුදායකය.
ඊයේ පැවති දෙවන එක් දින තරගයේදී ශ්‍රී ලංකාව ලකුණු 90 කින් පරාජයට පත් වුව ද,පළමුව පන්දුවට පහර දුන් කොදෙව් පිළේ ලකුණු 240 හඹා යාමේදී  පන්දු 61 කින් ලකුණු 51 ක් රැස් කළ දිමුත්, පළමු කඩුල්ලට නිරෝෂන් දික්වැල්ල සමග ලකුණු 94 ක සබදතාවයක් පැවත්වීමට ද සමත් විය.ප්‍රථම තරගයේදී ද පන්දු 105 කින් ලකුණු 89 ක් ලැබූ දිමුත් තරගාවලියේදී ශතක දෙකක් ද රැස් කරන්නට සමත් විය.එවැනි පසු බිමක වඩා විශ්වාසවන්ත තේරීම බවට දිමුත් පත් වන්නට තිබුණ ද එය එසේ සිදු වි නැත.
www.supirikrida.com


පාපන්දු බිමෙන් නැගෙන පාපන්දු විරෝධය

බ්‍රසීලය 2014 පාපන්දු ලෝක කුසලානයට මෙන්ම 2016 ඔලිම්පික් තරගාවලියට ද සත්කාරකත්වය දරන්නට ඉදිරිපත් වීමෙන් රටේ මහජන මුදල් අනවශ්‍යය නාස්තියකට යොමු වන බව පෙන්වමින් ලක්ෂ සංඛයාත බ්‍රසීල ජනතාව එම තරගාවලි දෙකට විරෝධය පාන්නට පටන් ගෙන ඇත.මේ වන විට ජගත් පාපන්දු සම්මේලන කුසලාන තරගාවලියද බ්‍රසීලයේ ක්‍රියාත්මක වන අතර එම තරග අවස්ථාවන්හී ද බ්‍රසීල ජනතාව මෙ‍ම විරෝධතා සදහා ලක්ෂ ගණනින් එක් වනු දැකිය හැකිය.
ජනතා ප්‍රශ්න සදහා අවශ්‍යය මැදිහත් වීම නොකරමින් රටේ මුදල් ක්‍රීඩා සැණකෙළි සදහා යෙදවීමට රජයේ ආශිර්වාදය හිමි වීම මෙම විරෝධතා කරුවෝ දැඩි ලෙස හෙළා දකිති.කෙසේ හෝ බ්‍රසීල ජනතාවගේ ආගම සමාන ක්‍රීඩාවක් වන පාපන්දු ලෝක කුසලානය බ්‍රසීලයට පැමිණිමට විරෝධය දැක්වීම ඇදහිය නොහැකි කරුණක් වන අතර එය අතැම් විට සියළු ඇදහීම් සහ විශ්වාස බඩගින්න ඉදිරියේ දෙවන බවට කරනු ලබන ඉගියක් වැනිය.
කෙසේ නමුත් බ්‍රසීල රජය මේ වන විට එම විරෝධතා නොතකා හරිමින් 2014 පාපන්දු ලෝක කුසලානය පවත්වන බවට යළි යළිත් ජගත් පාපන්දු බලධාරීන් ඉදිරියේ සපත කර ඇති අතර,මේ මොහොත වන විට එරට ක්‍රියාත්මක පාපන්දු සම්මේලන කුසලාන තරගාවලියේදී මෙම පීඩාකාරී තත්ත්වය තුළ ඉහළ දස්කම් දකවමින් සිටින බ්‍රසීල කණ්ඩායම අද උරගුවේ සමග තරගාවලියේ පළමු අවසාන පූර්ව තරගයට මුහුණ දීමට සූදානමින් සිටිති.

වෛද්‍යතිලක ගේ පිංබර උපන් දින තෑග්ග

ජගත් කීර්තියට පත් ප්‍රවීන මලල ක්‍රීඩා තාක්ෂණික නිලධාරී පීඑච්ඩී වෛද්‍යතිලක මහතා මෙවර සිය උපන් දිනය නිමිති කොට පා අහිමි පුද්ගලයෙකුට පාදයක් පිරිනැමිමට ඉදිරිපත් වුණා.ක්‍රියාකාරීත්වය අතින් සාමාන්‍ය පාදයක ක්‍රියාකාරීත්වයට සමානව ක්‍රියා කරන ලොව හොදම කෘතිම පාදය ලෙස ජගත් කීර්තිය දිනූ live flex නම් වූ මෙම කෘතිම පාදය ද ලාංකේය නව නිර්මාණකරුවෙකු වන අරුණ සමරවික්‍රමගේ නිර්මාණයක් වෙනවා.

පා අහිමි ප්‍රජාවට පරිත්‍යාගශීලීන්ගේ දායකත්වයෙන් live flex  පාද පිරිනැමෙන ‍‍“සහෝදරත්වයේ පිය සටහන්” වැඩ සටහනට සමගාමීව වෛද්‍යතිලකයන් විසින් මෙම පාද පිරිනැමීම සිදු කරන්නට එළැඹුණා. live flex නිෂ්පාදනායතනය වන කළුතර, නාගොඩ, කර්මාන්ත පුරයේ පිහිටි ආවාස් ඉන්ටර්නැෂනල් ආයතනයේදී සිදු වූ මෙම පාද පරිත්‍යාගයට එහි නිර්මාණාත්මක හිමිකරු අරුණ සමරවික්‍රම ද එක් වුණා.ආගමික කටයුතු වලින් අනතුරුව වෛද්‍යතිලකයන් විසින් පා අහිමි පුදගලයාට පාදය පිරිනැමූ අවස්ථාව ඡායාරූපයේ දැක්වෙනවා. 

Jun 25, 2013

ප්‍රසන්න කොදෙව් ඒ පිළට අප්‍රසන්න අත්දැකීමක් දෙයි

Seekkuge Prasanna celebrates a wicket බටහිර ඉන්දීය කොදෙව් ඒ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම අතර පැවති පළමු එක්දින තරගයේ ජයග්‍රහණය දකිමින් සිටි කොදෙව් ක්‍රීඩකයන්ගෙන් එය උදුරා ගත් සීකුගේ ප්‍රසන්න පන්දු 17 ක් තුළ ලකුණු 51 ක් ලබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු හතරක ජයක් ලබා දෙන්නට සමත් වුණා.ග්‍රෙනඩා හී සාන්ත ජෝජ් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් කොදෙව් කණ්ඩායම සිය නියමිත පන්දු ඕවර් 50 තුළ ලකුණු 282 ක් රැස් කරන්නට සමත් වුණා.කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ලෙන්ඩිල් සිමන්ස් අගනා ශතකයක් ලබා ගත් අතර ඩියොනරින් නරසිං ප්‍රවේගකාරී ලකුණු 60 ක් ලබා ගත්තා.
ඕවරයකට ලකුණු හයකට ආසන්න වේගයකින් ජයග්‍රාහී ඉලක්කට හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වූ නායක දිමුත් කරුණාරත්න (89)  සහ නිරෝෂන් දික්වැල්ල (61)  පන්දු ඕවර් 24.1 දී ආරම්භක කඩුල්ලට ලකුණු 138 ක් එක් ක‍ළා.නමුත් පන්දු ඕවර 40.2 ක් ගෙවෙන තැන ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 5 ක් ලකුණු 217 ට අහිමි වී තිබුණා.එම අවස්තාවේදී පිටියට පිවිසි සීකුගේ ප්‍රසන්න පන්දු 17 දී හයේ පහර 5 ක් සහ හතරේ පහර 3 ක් සහිතව ලකුණු 51 ක් ලබා ගැනීමට සමත් වුණා.ඒ නිසා 47 වන පන්දු ඕවරයේ සිව්වන පන්දුවේදි ශ්‍රී ලංකා ලකුණු පූවරුව ලකුණු 287 දක්වා ඉහළ ගෙ යමින් ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායම වෙත ලබා දීමට සීකුගේ සමත් වුණා.
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පන්දු යැවීමේ දි සුරංග ලක්මාල් ලකුණු 45 ට කඩුලු 3 ක් දවා ගැනීමට සමත් වුණා.
www.supirikrida.com

නීතිඥයන්ගේ අපරාජිත බව රැකීමට අසේලගෙන් නායකත්වයේ ඉණිමක්

තෙවන කොටසේ ක්‍රිකට් සූරතාවලියේ අපරාජිත බව තව දුරටත් සුරක්ෂිත කර ගත් නීතිඥ ක්‍රිකට් කණ්ඩායම කොළම කෝල්ට්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව එම ක්‍රීඩා පිටියේදීම ලකුණු 80 ක ජයක් ලබා ගත්තා.පළමුව පන්දුවට පහර දුන් නීතිඥ කණ්ඩායම වෙනුවෙන් එහි නායක අසේල පටබැදි හතරේ පහර හතක් සහ හයේ පහර තුනක් සමගින් ලකුණු ලකුණු 72 ක් ලබා ගන්නට සමත් වූ අතර ගිහාන් කුලරත්න නොදැවී ලකුණු 25 ක් සහ උදිත රාජසේකර ලකුණු 24 ලබා ගනිමින් නීතිඥ ක්‍රිකට් කණ්ඩායමේ ලකුණු පූවරුව පන්දු ඕවර් 50 අවසානයේ කඩුලු අටක් දැවී ලකුණු 212 ක් දක්වා ඔසවා තබන්නට දායක වුණා.අසේල පිට පිටම ලබා ගත් දෙවන අර්ධ ශතකය මෙය වන අතර ඉකුත් තරගයේදි බෝරා ක්‍රීඩා සමාජයට එරෙහිව ද වේගවත් ලකුණු 71 ක් නොදැවී ලබා ගන්නට සමත් වුණා.
පිළිතුරු ඉණිමට පිවිසි කෝල්ට්ස් කණ්ඩායම අසරණ කිරීමට ප්‍රමුඛත්වය ගත් පිට දග පන්දු යවන යොහාන් ජිනසේන,කොල්ට්ස් කණ්ඩායමේ කඩුලු 4 ක් ලකුණු 24 ට දවා ගනිද්දී තරංග අබේකෝන් සහ තුසිත රණතුංග ප්‍රතිවාදීන්ට ලකුණු 31 ක බැගින් ලබා දෙමින් කඩුලු දෙක බැගින් දවා ගත්තා.කොල්ට්ස් කණ්ඩායම වෙනුවෙන් පන්දුවෙන් ලකුණු 27 ට කඩුලු 2 ක් දවා ගත් ලහිරු හේරත් පිත්තෙන් ද දස්කම් දක්වමින් ලකුණු 39 ක් ලබා ගනිමින් තුන් ඉරියව්වෙන් කැපී පෙණුනා.
www.supirikrida.com

Jun 24, 2013

ඉන්දියාව චැම්පියන්

Virat Kohli does his rendition of <i>Gangnam Style</i>
 තරගයේ විශේෂ අවස්ථා සදහා පහත සබදතාවය භාවිතා කරන්නhttp://www.espncricinfo.com/ci/content/video_audio/644781.html
චැම්පියන්ස් කුසලාන තරගයේදී අවසාන තරගයට පිවිසෙන තෙක් අපරාජිත බව රැක ගත් ඉන්දියාව,අවසාන තරගයේදී එංගලන්තය ලකුණු 5 කින් පරදා චැම්පියන් කුසලානය තරගාවලියේ සිය අපරාජිත බව සමග ශූරතාවය ද,ඉන්දියාවට රැගෙන යන්නට සමත් වුණා.තීරණාත්මක කාසියේ වාසිය එංගලන්ත නායක ඇලෙස්ටයාර් කුක් ට හිමි වුව ද,වර්ෂාව නිසා තරගය පන්දු ඕවර් 20 ට සීමා වුණා.තරගාවලිය පුරා ඉදිරියෙන් සිටිමින් කැපී පෙනෙන ඉන්දීය පිතිකරු සිකර් ධව‍ාන් මෙම තරගයේදී ද ලකුණු 31 ක් ලබා ගත් අතර විරාට් කෝලි ඉන්දීය පිළේ වැඩිම ලකුණුලාභියා වෙමින් ලකුණු 43 ක් රැස් කළා.රවීන්ද්‍ර ජඩේජා ගේ දායකත්වය නොදැවී ලත් ලකුණු 33 ක් වුණා.පන්දු යැවීමේදී ඉන්දියාවට විශාලතම හිසරදය බවට පත් වූ ඉන්දීය සම්බවයක් ඇති එංගලන්තයේ රවී බෝපරා ලකුණු 20 ක් තුළ එංගලන්ත පිතිකරුවන් තිදෙනෙකුම ක්‍රීඩාගාරයට හරවා යැවීමට සමත් වුණා.
පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ එංගලන්තය ලකුණු 129 හඹා යාමට ගත් උත්සාහයේදී ඉයින් මෝර්ගන් පන්දු 30 ක් තුළ ලකුණු 33 ක් ලබා ගනිමින් උත්සාහ ගත අතර යළිත් ක්‍රියාත්මක වූ රවී බෝපරාද පන්දු 25 දී ලකුණු 30 ක දායකත්වයක් ලබා දුන්නා.නමුත් රවිචන්ද්‍ර අශ්වින්ගේ පන්දු දග කැවීම ඉදිරියේ අසරණ වූ එංගලන්ත පිතිකරුවන්ට ඔහුගේ ඕවර් 4 තුළ ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 15 ක් වූ අතර ඒ අතර කාලයේ අශ්වින්ගේ කඩුලු පැසට එංගලන්ත කඩුලු දෙකක් ද එකතු වුණා.පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දක්වමින් තරගයේ වීරයා බවට පත් වූ රවීන්ද්‍ර ජඩේජා සිය පන්දු ඕවර 4 තුළ කඩුලු දෙකක් ලබා ගැනීමට සමත් වූයේ ලකුණු 24 ක් පමණක් ලබා දෙමින්.තරගාවලිය පුරා අති දක්ෂ පිතිකරණයක නියැලි සිකර් ධවාන් එම දස්කම හේතු කොට ගෙන තරගාවලියේ වීරයා ලෙස නම් කරා.
අවසාන පූර්ව තරගය තෙක් පැමිණිය ද අවසාන තරගයට සුදුසුකම් ලබා ගැනීමට අපොහොසත් වූ ශ්‍රී ලංකාවට අවසාන තරගය ආශ්‍රිතව අසමසම කීර්තිමය වටිනාකමක් හිමි වූයේ තරගයේ ප්‍රධාන තීරක ලෙස රන්ජන් මඩුගල්ලත්,අවසාන තරගයේ විනිසුරුවරයෙකු ලෙස කුමාර ධර්මසේනත් කටයුතු කිරීම නිසයි.
www.supirikrida.com