ඉන්දියාවේ නවදිල්ලි නුවර ඉන්දිරා ගාන්ධි ගෘහස්ථ ක්‍රීඩාංගණයේ ජූලි 20 සිට 22 දක්වා පැවත්වෙන දකුණු ආසියාතික කණිෂ්ඨ මේස පන්දු සූරතාවලියට සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ගුවන් ටිකට් පත් අනුග්‍රහය දැරීමට ක්‍රීඩා අමාත්‍යංශය ඉදිරිපත් වී සිටින අතර ඔවුන්ගේ ඇදුම් සදහා අනුග්‍රහය දැක්වීමට ජාතික ඉතිරිකිරීමේ බැංකුව ඉදිරිපත්ව සිටියි.අවුරුදු 18 න් පහළ බාලක බාලිකා කණ්ඩායම් මෙම තරගාවලියේදි කණිෂ්ඨ අංශයෙන් තරග වදින අතර අවුරුදු 15 න් පහළ බාලක බාලිකා කණ්ඩායම් තරග වදින්නේ කැඩේට් තරග අංශයෙනි.
තරගාවලිය සදහා සහභාගීත්වය අවිනිශ්චිතව තිබුණු පකිස්තානයේ සහභාගීත්වය ද මේ වන විට තහවුරු කර තිබෙන බැවින් ශ්‍රී ලංකා කණ්ඩායමට තරගාවලියේ ඇති අභියෝගයන්ද තව තවත් පුළුල් වී ඇති බව දැකිය හැකිය.ශ්‍රී ලංකා මේස පන්දු ක්‍රීඩාවේ වර්ථමානයේ සිටින සුවිශේෂිම ක්‍රීඩකයෙක් ලෙස අවිවාදිත මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ උදය රණසිංහ මෙම තරගාවලියේදී කැඩෙට් අංශයට සහභාගි වන බාලක කණ්ඩායමට නායකත්වය ලබා දෙන අතර ඔහු ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තු අතර ප්රමුඛත්වයෙහිලා සැළකිය හැකිය.
එසේම වර්ථමානයේ විද්‍යාර්ථ විද්‍යාලයේ මෙන්ම නුවර ප්‍රදේශයේද විශාල වශයෙන් දැකිය හැකි මේස පන්දු ක්‍රීඩාවේ දක්ෂතා වර්ධනය මෙම තරග සංචාරය සදහා එක්ව සිටින ක්‍රීඩක ක්රෟඩිකා සංයුතියෙන්ද පැහැදිළිව අවබෝධ කර ගත හැකිය.මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය නියෝජනය කරමින් තරගාවලියට එක් වන තිළිණ විජේසිරි කණිෂ්ඨ බාලක කණ්ඩායමේ නායකත්වය දරන ඊට අමතරව බාලක කණ්ඩායමට විද්‍යාර්ථ විද්‍යාලයෙන් ක්‍රිෂාන්ත වික්‍රමරත්න සහ චින්තක ඒකනායක ද එක් වී සිටිති.කැඩේට් කණ්ඩායමට ද උදයට අමතර විද්‍යාර්ථයෙන් ප්‍රසාද් ජේ ද සිල්වා ද එක් වි සිටියි.
එසේම බාලිකා කණිෂ්ඨ අංශයේදී නුවර නියෝජනයක් නොදැකිය හැකි නමුත් කැඩේට් තරග අංහයේ බාලිකා කණ්ඩායමට අයත් තිදෙනාගෙන් ශේසලා බණ්ඩාර සහ රිද්මි කරදනආරච්චි යන දෙදෙනාම මහනුවර මහමායා බාලිකාවියෝය.කැඩෙට් කණ්ඩායමට නායකත්වය දෙනු ලබන්නේ කුරුණාගල මලියදේව බාලිකාවේ පවනි සිරිසේනය.කණිෂ්ඨ බාලිකා අංශයේදී නායකත්වයේ වගකීම දැරීමට අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ උමායා තාරකී නම් කර ඇති අතර එම කණ්ඩායමේ සෙසු සාමාජිකාවන් වන්නේ බුද්ධිනී රාජගුරු ( කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලය),රුවිනි කන්නන්ගර (මියුසියස් විදයාලය - කොළඹ) සහ කොළඹ විශාකා විද්‍යාලයේ චමත්සරා ප්‍රනාන්දු ය.
බාලක කණිෂ්ඨ අංශයෙන් තරග වැදීමට අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ නුවන්ත නිරෝහණ ද මෙම සංචාරයට එක් වී සිටින අතර කැඩේට් අංශයෙන් තරග වදින බාලක කණ්ඩායමට එම විද්‍යාලයේ සුපුන වරුසවිතාන ද එක් වී සිටියි.
No comments:
Post a Comment