අන්තර්ජාතික මාධ්‍ය වාර්තා වලට අනුව ජැමෙයිකානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් පස් දෙනෙකු තහනම් උත්තේජන පරීක්ෂණ වලින් අසමත් වී ඇති අතර දැනටමත් එසේ පරීක්ෂණ වලින් අසමත් ජැමෙයිකානුවන් ලෙස මීටර් 100 හිටපු ලෝක වාර්තාලාභියා වන අසාෆා පවෙල් සහ මීටර් 100 ඉසව්වේ ඔලිම්පික් රිදී පදක්කම්ලාභිණියක වන ශිරෝන් සිම්ප්සන් ප්‍රසිද්ධියට පත් කර ඇත.මේ අතර තවත් කෙටි දුර සූරයෙකු වන ජැමෙයිකාවට මීටර් 100 සහය දිවීමේ ඔලිම්පික් පදක්කම් දෙකක්ම දිනා දීමට හවුල් වූ නෙස්ටා කාටර් ද මේ ලේඛණයේ සිටින බවට ජාත්‍යන්තර ජනමාධ්‍ය වාර්තා කරයි.
මේ වන විටත් මීටර් 100 ඉසව්වේ ලොව වේගවත්ම ක්‍රීඩක දක්ෂතා සළකද්දී සිව් වන තැන සිටින ජැමෙයිකාවේ පවෙල් මෙන්ම එම ලේඛණයේ දෙවන තැන සිටින ඇමෙරිකාවේ ටයිසන් ගේ ද තහනම් උත්තේජන පරීක්ෂණයෙන් අසමත් වී ඇත.ඔහු ද ලෝක සූරතා මලල ක්‍රීඩා සූරතාවලියක ද්විත්ව රන් පදක්කම් දිණිමේ දුර්ලභ දක්ෂතාවය ප්‍රදර්ශනය කළ ක්‍රීඩකයෙකි.
මේ තත්ත්වය මත බී සාම්පල පරීක්ෂණයක් සදහා යාමට ක්‍රීඩකයන්ට ඉඩ ඇති අතර එම පරීක්ෂණය මොස්කව් ලෝක සූරතාවලියට ප්‍රථම සිදු කර ඔවුන් නිර්දෝෂි බව ඔප්පු කිරීමට අපොහොසත් වුවහොත් එම තරගාවලියට සහභාගි වීමට මෙම ක්‍රීඩකයන්ට අවස්ථාව හිමි නොවනු ඇත.
www.supirikrida.com
No comments:
Post a Comment