මෙවර පාසල් රග්බි පිටියේ පෙරළිකාර කණ්ඩායම බවට පත් වූ කොළඹ වෙස්ලි විද්‍යාලය ලීග් සූරයන් වූ ධර්මරාජ විද්‍යාලය පරාජය කරමින් ප්‍රතිමළුන් පිටු දැකීමේ තරගාවලියේ අවසාන තරගයට පිවිසි අයුරෙන්ම අවසාන තරගයේදී මහනුවර ත්‍රිත්ව විද්‍යාලය ලකුණු 34 -21 කින් පරාජය කරමින් මෙවර මයිලෝ ජනාධිපති කුසලානයේ හිමිකාරයන් වුණා.ඉතිහාසයේ ප්‍රථම වරට මයිලෝ ජනාධිපති කුසලානයේ හිමිකාරිත්වය ලැබූ වෙස්ලි විදුහලට අවසාන තරගයේදී හමු වූ ත්‍රිත්ව විද්‍යාලය අවසාන තරගයට පිවිසියේ ශාන්ත පීතර විද්‍යාලය පරාජය කරමින්ය.
ලීග් සූරයන් පරාජය කරමින් අවසාන තරගයට පිවිසි වෙස්ලි කණ්ඩායම දැඩි ආත්ම විශ්වාසයකින් තරගය තුළ රැදී සිටි අතර පළමු අර්ධය නිමාවේ ලකුණු 13 - 8 ක් ලෙස ඉදිරියෙන් සිටි ත්‍රිත්ව කණ්ඩායම දෙවන භාගයේදි අභිබවා යමින් ක්‍රීඩා කිරීමට එම විශ්වාසය බෙහෙවින් ඉවහල් විය.කොළඹ රාජකීය විද්‍යාල ක්‍රීඩා සංකීර්ණ පිටියේ පැවති අවසන් තරගය තුළ වෙස්ලි ක්‍රීඩකයෝ ගෝල් දිණුම් තුනක්,උත්සාහක දිණුමක් සහ දඩුවම් පහරකින් ලකුණු 34 ක් ලබා ගනිද්දී,ත්‍රිත්ව ක්‍රීඩකයන් එක් ගෝල දිණුමක්,උත්සාහක දිණුමක්,දඩුවම් පහරක් සහ ඩ්‍රොප් ගෝලයක් මගින් ලකුණු 21 ක් රැස් කරණු ලැබීය.
ඡායාරූප වලින් දැක්වෙන්නේ වෙස්ලි නායකයා නෙස්ට්ලේ සමාමේ නෝමන් කන්නංගර සහ බන්දුල එගොඩගේ වෙතින් ජයග්‍රාහී කුසලානය ලබා ගත් අයුරු සහ තරගයේ උද්වේගකර අවස්ථාවකි.
www.supirikrida.com

No comments:
Post a Comment