Jan 21, 2013

හමුදා අභිමානය ඩීඑස් ඉදිරියේ හෑල්ලු වෙති

මෙවර බේස්බෝල් ලීග් තරගාවලියේ දී ජාතික වර්ණලාභි ක්‍රීඩකයන් රැසක් තරග වදින් යුධ හමුදා කණ්ඩායම ලකුණු 7 - 5 ක් ලෙස පරාජයට පත් කරමින් ඩීඑස් නයිටි කණ්ඩායම ලැබූ පෙරළිකාර ජය හේතුවෙන් මෙවර ලීග් තරගාවලියේ අවසාන කණ්ඩායම් හතර අතරට පැමිණෙන්නට ඩීඑස් නයිට් කණ්ඩායමට හැකි විය.ඩීඑස් නයිටි කණ්ඩායමට අමතරව ජාතික සූරයන් ලෙස වැජඹෙන රණබිම රාජකීය,කොළඹ රාකීය සහ කොළඹ මෙරුන්ස් කණ්ඩායම අවසාන කණ්ඩායම් හතරට පැමිණ තිබේ.
මෙම තරගාවලිය පැවත්වීමේදී බේස්බෝල් සංගමය සදාචාර සම්පන්න නොවන නීතිමය තත්ත්වයකට ක්‍රීඩා සමාජවල කැමැත්ත ලබා ගනිමින් ජාතික තරගාවලියේම දිගුවක් ලෙස පවත්වන මෙම තරගාවලියේදී ක්‍රීඩකයන්ට කණ්ඩායම් මාරු කළ හැකි අන්දමට නීතිමය තත්ත්වය සකස් කළ අතර මේ නිසා ජාතික තරගාවලියේම දිගුවක් ලෙස ක්‍රියාත්මක වන තරගාවලියේ දී වෙනම කණ්ඩායම් සදහා ක්‍රීඩකයන්ට ලැබුණු අවස්ථා‍ව නිසා එකම තරගාවලියක දී කණ්ඩායම් දෙකක් නියෝජනය කරන අශෝභන තත්ත්වයක් පරිපාලනයේ ආශිර්වාදයෙන්ම හිමි විණි.
www.supirikrida.com

No comments: