Jan 25, 2013

රට වෙනුවෙන් උදව් කළ අයට අසාධාරණයක් නොවිය යුතුයි- දැල් පන්දු මෙහෙයුම භාරගත් කපිතාන් ලක්ෂ්ඹි වික්ටෝරියා

ලාංකේය දැල් පන්දුවේ අර්බූද නිමා කරමින් එය අලුත් මාවතකට යොමු කිරීමේ වගකීම පවරාගත් නව දැල්පන්දු සභාපතිණිය කපිතාන් ලක්ෂ්මි වික්ටෝරියා,පසුගිය ආසියාතික දැල්පන්දු සූරතාවලියේ මේ දක්වා අවසන් නොකර ඇති ගෙීම් සම්බන්ධයෙන් කුමක් කරන්නේද යන්න පිළිබදව විමසූ අවස්ථාවේදී පවසා සිටියේ එම ගෙවීම් ලැබීමට ඇති අය රටේ ක්‍රීඩාවට රටට උදව් කළ අය බැවින් ඔවුන්ට අසාධාරණයක් නොවිය යුතු බවය.හිටපු හමුදා නිලධාරීණියක මෙන්ම වර්ථමානයේ බැංකු කේෂ්ත්‍රයේ විධායක නිලධාරීනියකද වන ඇය තමන් සේවය කරන මහජන බැංකුවෙන් එම තරගාවලියේ අනුග්‍රාහකත්වය සම්බන්ධ මුදල අමාත්‍යංශයට පිරිනමා අවසන් බවත් එම නිසා අමාත්‍යංශය සමග සාකච්ඡා කර එම මුදල පිරිනැමීමට ඉක්මණින් අවශ්‍යය වැඩ කටයුතු සකස් කිරීමට හැකි වෙනු ඇතැයි තමා අපේකෂා කරන බවත් පැවසීය.
සිය ප්‍රතිවාදිනිය ලෙස තරග වැදි ට්‍රික්ෂි නානායක්කාර ජයග්‍රහණය කරේනම් මෙම මුදල් නොගෙවන බව පැවසීම පිළිබදවද අප ඇයගෙන් විමසා සිටි අතර ඇය එහිදී කිසිවෙකු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කිරීම යුතු නොවන බව පැහැදිළි කරමින් පැවසූවේ එම මුදල් ගෙවීමට ඇත්තේ අපේ රටේ පැවත් වූ තරගාවලියක් සාර්ථක කර ගන්න අත - හිත දුන් පිරිසකට බව පෙන්වා දුන්නාය.තව දුරටත් රටේ ක්‍රීඩාව වෙනුවෙන් එවැනි අය රැක ගැනීම මෙන්ම දිනා ගැනීමද වගකීමක් බව පෙන්වා දුන් ඇය එම නිසා අදාළ මුදල් පියවීමට අමාත්‍යංශය සමග කතා කර ඉක්මන් පියවර ගැනීමට තමන්ට හැකි වෙනු ඇතැයි විශ්වාසය පළ කළාය.
'මම අම්ම කෙනෙක්,ඒ නිසා ක්‍රීඩා කරන වයසෙ දරුවො මටත් ඉන්නවා.මම ක්‍රීඩිකාවො දිහා බලන්නෙත් දරුවො දිහා බලනවා වගේ.ඒ අයට හොදට සළකනවා වගේම ඒ අය හොද දරුවො කරන්න වැරදි කරන වෙලාවට තරවටු කරන්නත් වෙනවා.' නව දැල් පන්දු සභාපතිණි ලක්ෂ්මි වික්ටෝරියා දැල් පන්දු නිලවරණයෙන් සභාපති පදවියට තේරී පත්වීමෙන් පසුව සුපිරික්‍රීඩා වෙත පැවසුවාය.
පසුගිය කාලයේ විනය පිරිහීම සම්බන්ධයෙන් නිතර ඇසුණු කතා පිළිබදව අප කළ විමසීමක දී එසේ පැවසූ ලක්ෂ්මි,ක්‍රීඩිකාවන්ගේ පමණක් නොව නිලධාරිණියන්ගේ විනය පිළිබදවද තමන් සැළකිලිමත් වන බව පෙන්වා දුන්නාය.
හමුදා නිලධාරිණියක ලෙස විනයානුකූලව කටයුතු කිරීම මෙන්ම බැංකු නිලධාරිණියක ලෙස මහජන සම්බන්ධතා යහපත් ලෙස පවත්වා ගෙන යාමත් පිළිබදව තමන් පරිචයක් ලබා ඇති බව පැවසූ ලක්ෂ්මි වික්ටෝරියා, මේ තත්ත්වය ප්‍රයෝජනයට ගෙන විනයානුකූල,සුහදශීලී කැපවීමෙන් ක්‍රියා කරන පිරිසක් බවට ලාංකේය දැල් පන්දු පරිපාලනය පත්කිරීමට සිය කණ්ඩායමට මග පෙන්වීමට හැකි වෙනු ඇතැයි විශ්වාසය පළ කළාය
ජාතික මට්ටමෙන් වගකීම් දරා නැති එහෙත් පළපුරුදු පිරිසක් මෙම නිල කණ්ඩායමට ඇතුළත් වී ඇති බව පෙනෙයි.කෝට්ටේ දැල් පන්දු ඇකඩමියේ ශ්‍යාමා කුරේ ලේකම් ධූරයට පත් වූ අතර පාසල් දැල් පන්දු සංගමයේ ලේකම් සුධර්මා ජයවර්ධන උප ලේකම් ධූරයට පත් වූවාය.වැඩිම ජන්ද ප්‍රමාණයක් වූ 28 ක් හිමිකර ගත් දිනෙලි පිටිගලආරච්චි භාණ්ඩාගාරික ධූරයට පත් වූ අතර වැඩිම ජන්ද පරතරයක් තබා ජය ගත්තේ ජාත්‍යන්තර සබදතා පිළිබද වගකීම දිනා ගත් පළපුරුදු නිලධාරිණියක වන ඔලිවියා ගමගේය.තරග ලේකම් ධූරය සදහා පත් වූ චම්පා අල්විස් නිලවරණයේ ස්වභාවය පිළිබදව විරෝධය පා ඉල්ලා අස් වූ අතර,ඒ අනුව එම තනතුර බොහෝ විට හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක වන සහ ප්‍රබල පුහුණුකාරියක වන සහය  තරග ලේකම් ධූරයට තරග වැද ජයගත් පීඩීඑම් ප්‍රසාදි පත් වූවාය.
එසේම ආසියානු කුසලානය ශ්‍රී ලංකාවෙන් ගිලිහෙද්දී ආසියානු වෙරළ දැල් පන්දු කුසලානය ශ්‍රී ලංකාවට දිනා දීමට අවශ්‍යය මාර්ගෝපදේශණය දුන් පුහුණුකාරිය වූ යමුනා සදමාලි උප සභාපතිණියක ලෙස තේරී පත් වූවාය.
ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව හා සබැදි මලල ක්‍රීඩාවේ විශාල කීර්තියක් ඇති පිරිස් මෙවර නිලවරණයේදී පරිපාලනයට සම්බන්ධ වීම ද කැපී පෙණුන තත්ත්වයකි.එ අතරින් ජාතික ක්‍රීඩා උළෙලේ ආරම්භක ආරම්භක තරගාවලියේදී උස පැනීමේ සූරිය වූ මුතුලක්ෂ්මී කොඩිකාර (වර්ථමානයේ හෑගොඩ) ද උප සභාපති තනතුරකට පත් විය.අමරා කුමාරි නානායක්කාර උප භාන්ඩාගාරික ධූරයට පත් විය.යාපනය දිස්ත්‍රික්කය නියෝජනය කළ රූබසිංහම්,රූපා ගුණසේකර සහ පදමා මංගලිකා ද උප සභාපතිවරියෝ වූහ.
තරග ලේකම් ධුරයෙන් ඉල්ලා අස් වූ චම්පා අල්විස් මෙන්ම,නිලවරණය නීති විරෝධි බවට හඩ නැගූ සභාපති තරගයෙන් පරාජිත වූ ට්‍රික්ෂි නානායක්කාර ද කරන චෝදනා තදින් ප්‍රතික්ෂේප කළ අධයක්ෂ ජෙනරාල් රංජනී ජයකොඩි පවසා සිටියේ ඔවුන් පවසන රාජ්‍ය සේවා සංගමය පමණක් නොව ක්‍රියාකාරී තත්ත්වය සළකන්නේ නම් වැඩි සංගම් පිරිසකට ජන්ද බලය අහිමි විය යුතු බවය.නමුත් එම අක්‍රීය සංගම් ද නැවත පුබුදුවාලීමේ අදහසක් ඇතිව ක්‍රීඩා අමාත්‍යවරයා විසින් සියළුම ලියාපදිංචි සංගම් වලට ජන්ද බලය ලබා දීමට කටයුතු කළ බවය.
ජන්දය ප්‍රකාශ කිරීමට ඒ ඒ සංගම් වෙනුවෙන් නම් කරන ලද පිරිස් හිටියා.ඒ අය බොහොම සාවධානව තම ඡන්ද ප්‍රකාශ කිරීමට කටයුතු කළා.ඡන්දය පැවති අවස්ථාවේ ට්‍රික්ෂි නානායක්කාර මහත්මිය ප්‍රකාශයක් කිරීමට නැගී සිටියා.මම ඒ අවස්ථාවේ ජන්ද පැවත්වෙන ස්ථානයක
www.supirikrida.com  

No comments: