Jan 23, 2013

බේස්බෝල් විකාරය ගැන හොයා බලනවා ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ

ජාතික බේස්බෝල් තරගාවලියේ දී දක්ෂතා දැක් වූ ප්‍රධානතම කණ්ඩායම් අටට වරප්‍රසාදයක් ලෙස පිරිනැමෙන ජාතික ලීග් තරගාවලියේදී ජාතික තරගාවලියේ පරාජිත කණ්ඩායම් වල සිටි ක්‍රීඩකයන් ජයග්‍රාහී කණ්ඩායම් වලට ඇතුළත් කිරීමට අවසර දීම  යනු විකාරයක් බව පැවසූ ක්‍රීඩා අමාත්‍යවරයා වගකිව යුතු  නිලධාරීන් අප වෙබ් අඩවිය හරහා  ඒ සම්බන්ධයෙන් කළ හෙළිදරව්ව පිළීබදව තමා දැනුවත් නොකළ බවත් පැවසීය.ජාතික තරගාවලියම පදනම් කරගෙන පවත්වන තරගාවලියකදී එසේ කිරීමෙන් කණ්ඩායම් දෙදකට එකම තරගාවලියක් තුළ ක්‍රීඩකයෙකුට ක්‍රීඩා කිරීමට ලැබීම සදචාරසම්පන්න සහ නීත්‍යානුකූල නැති බව පෙන්වා දුන් ක්‍රීඩා අමාත්‍යවරයා මේ පිළීබදව වහාම සොයා බැලීමට කටයුතු කරන බව පෙන්වා දුන්නේය.
මේ සම්බන්ධයෙන් අප වෙබ් අඩවිය කළ කරුණු දැක්වීම පරීක්ෂණයක් කිරීමට ප්‍රමාණවත් නොවන බව පෙන්වා දෙමින් නියෝජ්‍ය අධ්‍යක්ෂ විජේරත්න සහ අධ්‍යක්ෂ ජෙනරාල් රංජනී ජයකොඩි කළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් මාධ්‍ය ලේකම් හර්ෂ අබේකෝන් මේ පිළිබදව අමාත්‍යවරයා දැනුවත් කරන බව කීව ද ඊයේ අමාත්‍යවරයා සමග සාකච්ඡා කෙරෙන තෙක් ඒ පිළිබදව අමාත්‍යවරයා දැනුවත්ව නොතිබිණ.එහිදී අප කරුණු පෙන්වා දෙමින් පරපාලනය වරදක් කිරීම සදහා ක්‍රීඩා සමාජවල ලිඛිතව ක්‍රීඩා සමාජ වලින් අවසර ඉල්ලද්දී ක්‍රීඩා සමාජයකට හෝ ක්‍රීඩකයෙකුට ඊට විරුද්ධව කරුණු දැක්වීමෙන් එම ක්‍රීඩකයාට හෝ ක්‍රීඩා සමාජයට හානිකර තත්ත්වයක් ඇති වේය යන්න අමාත්‍යවරයා පිළිගත් අතර එම ප්‍රායෝගික තත්ත්වය සංවර්ධන දෙපාර්තමේන්තු නිලධාරීන් අවබෝධ කර නොගැනීම පිළිබදව කණස්සල්ල පළ කළේය.
ඒ අනුව මේ පිළිබදව වහාම සොයා බැලීමට ක්‍රියා කරන බවත් අමාත්‍යවරයා පැවසීය.
www.supirikrida.com

No comments: