Jan 24, 2013

එල්ලේ යෝෂිතව එල්ලා ගනියි

.

ජාතික එල්ලේ සම්මේලනයේ නව සභාපතිවරයා ලෙස යෝෂිත රාජපක්ෂ පත් වනු ඇති බව එහි වත්මන් සභාපති ආනන්ද හරිෂ්චන්ද්‍ර පවසයි.තමාට වඩා වැඩ කිරීමේ වැඩි ධාරිතාවයක් සහ හැකියාවක් ඇති පුද්ගලයෙකු ලෙස යෝෂිත රාජපක්ෂගේ පැමිණිම එල්ලේ ක්‍රීඩාවේ සුභ සිද්ධිය පිණිස වන ආශිර්වාදයක් වනු ඇති බවට අදහස් දක්වන ආනන්ද තමා ඒ සදහා හදවතින්ම ආශිර්වාද කරන බව ද පැවසීය
මාර්තු 30 පැවත්වීමට නියමිත එම නිලවරණයේදී යෝෂිත රාජපක්ෂ නිතරගයෙන් සභාපති ධූරයට පත්වනු ඇති බවට විශ්වාසය පළ කළ දැඩි උත්සාහයක් ගෙන මේ සදහා ඔහුගේ කැමැත්ත දිනා ‍ගැනීමට ලැබීම,එල්ලේ ක්‍රීඩාව ලද වාසනාවක් බව ද පැවසීය.
ආනන්ද හරිෂ්චන්ද්‍ර මේ පිළීබදව අදහස් දැක්වීම සිදු කළේ,සීදූව කොක්පිට් හෝටල් පරිශ්‍රයේ පැවති,ජාතික මට්ටමේ 40 කාන්තා සහ පිරිමි එල්ලේ තරගාවලිය පිළීබදව දැනුවත් කිරීමෙ මාධ්‍ය හමුවේදීය  දිස්ත්‍රික් සහ පළාත් මට්ටමෙන් ක්‍රියාත්මක වී ජාතික තරගාවලියට ප්‍රවේශ වන මෙම තරගාවලියේ දී පළාත් ජයග්‍රාහකයන්ට රුපියල් 25,000 ක මුදල් ත්‍යාගයක් සහ ක්‍රීඩා ඇදුම් කට්ටල ප්‍රදානය කෙරේ.ජාතික මට්මේදී ජයග්‍රාහකයනට රුපියල් ලක්ෂ තුනක් සහ අනු සූරයනට රුපියල් ලක්ෂ දෙකක් පිරිනැමෙන අතර ජයග්‍රාහීකාවනට මුදලින් රුපියල් ලක්ෂයක් සහ අනු සූරියනට රුපියල් 50,000 ක් පිරිනැමීමට නියමිතය.

No comments: