Jan 21, 2013

මුම්බායි කිරුළ උගන්ඩාවේ කෝඩුකාරයාට





ස්ටෑන්ඩරඩ් චාටර්ඩ් බැංකු මැරතන් තරගාවලිය යටතේ පැවති මුම්බායි මැරතන් තරගයේ ජය 20 හැවිරිදි උගන්ඩාවේ ජැක්සන් කිප්රොප් ට හිමි වුණා.ඔහු එම තරගය ජය ගත්තේ පැය 2 :09:32 ක කාලයක් වාර්තා කරමින්.ඉතියෝපියාවේ ජාකොබ් චෙසාරී දෙවන ස්ථානය දිනා ගත්තේ පැය 2:09:43 ක කාලයක් වාර්තා කරමින්.තෙවන ස්ථානය හිමි වුණේ කෙන්යාවේ එජිජා කෙම්බෝයි ට යි.ඔහු ඒ සදහා වැය කාලය පැය 2 :10:03 ක් ලෙස සටහන් වුණා.



කාන්තා අංශයේ ජය කෙන්යාවේ වැලන්ටිනේ කිප්කේටර් දිනා ගත්තා.ඇය ඒ සදහා පැය 2:24:33 ක කාලයක් ගත කළා.දෙවන ස්ථානය ඉතියෝපියාවේ දික්නේෂ් මෙකාෂ් විසින් දිනා ගත්තා.ඇය තරගය නිම කිරීම සදහා පැය 2:28:46 ක කාලයක් ගත කර තිබුණා.පැය 2:29:03 ක කාලයක් ගත කරමින් තරගය නිම කළ ඉතියෝපියාවේ ඇබෙරූ මෙකුරියා තෙවන ස්ථානය දිනා ගත්තා.
ඉන්දියානුවන්ට විශේෂ ත්‍යාග හිමි වූ ඉන්දීය අංශයේ පිරිමි තරගයේදී සමස්ත තරගයේ 14 වන ස්ථානය දිනා ගත් බිනින් ලින්කෝයි පළමු ස්ථානයට පත් වුණා.ඔහුට තරගය නිම කිරීමට පැය 2:21:51 ක් ගත වී තිබුණා.එම කාන්තා අංශයේ ජයග්‍රහණය ලැබූ ඉන්දී්‍ය ක්‍රීඩිකාව වූයේ ලලිතා බාබර් වූ අතර ඇය සමස්ත තරගයේ 12 වන ස්ථානය දිනා ගනිමින් පැය 2:53:42 කින් තරගය නිම කර තිබුණා
ජාතික මලල ක්‍රීඩා සංගමය නිවැරදිව තේරීම් කමිටුව පත් කිරීම සදහා මැදිහත් නොවීම නිසා මෙම තරගය සදහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි කරවීමට අවස්ථාව නොලැබී ගියා.

www.supirikrida.com

No comments: