|
තරග අනුග්‍රාහක චෙක්පත පිරිනැමීම |
මෙවර ඔලිම්පික් උළෙලේ දී ජගත් අවධානය දිනූ නිලූක කරුණාරත්න මෙන්ම ඔලිම්පික් තරග නියෝජනය කළ තිලිනි ජයසිංහ ද සහභාගි වන 29 වන වෙළද සේවා විවෘත බැඩ්මින්ටන් තරගාවලියේ අනුග්රාහකයන් වෙමින් ලෝක ප්‍රකට බැඩ්මින්ටන් ක්‍රීඩා උපකරණ වන LI-NING ලාංකේය බැඩ්මින්ටන් පිටියේ සම්ප්‍රාප්තිය සටහන් කරයි.ඔලිම්පික් සූර ලී ඩාන් ඇතුළු ජගත් බැඩ්මින්ටන් සූරයන්ගේ තේරීම වන LI-NING සම්ප්‍රාප්තිය සිදුවන අවස්ථාවේ තරගකාරීත්වය මත සුදුසුකම් ලබා ඔලිම්පික් නියෝජනය කළ එකම ක්‍රීඩකයා සහ එකම ක්‍රීඩිකාව තරග පිටියේ සිටිනු දකින්නට ලැබීම විශේෂ අවස්ථාවක් බව LI-NING ශ්‍රී ලංකාවේ බෙදාහැරීමේ එකම නියෝජිතයන් වන ඩීඑස්අයි සමාගමේ අලෙවි සහ වෙළද සාමාන්‍යාධිකාරි රොහාන් සෝමවංශ සුපිරික්‍රීඩා හා පැවසීය.
|
LI-NING දොරට වැඩුම |
මෙම 24 දා සිට 28 දා දක්වා ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලීය ගෘහස්ථ ක්‍රීඩා සංකීරණයේදී ක්‍රියාත්මක 29 වන වෙළද සේවා විවෘත බැඩ්මින්ටන් තරගාවලියට මෙවර අලුත් ඉසව්වක් ලෙස ප්‍රථම තරගයේ පරාජිතයන් අතර පැවත්වෙන පළිහ කුසලාන තරගාවලියක්ද පැවත්වීම විශේෂත්වයකි.ඊට අමතරව සුපුරුදු පරිදි කේවල,යුගල පිරිමි සහ කාන්තා තරග ද,මිශ්‍ර යුගල තරග සහ අවුරුදු 40 න් ඉහළ ප්‍රවීන කාන්තා සහ පිරිමි කේවල සහ යුගල තරගද ඇතුළත් වන අතර අවුරුදු 50 ඉහළ පිරිමි කේවල සහ යුගල තරගද සුපුරුදු පරිදි ඇතුළත් කර ඇත.
ඒ පිලිබදව දැනුවත් කිරිමේ මාධය හමුවේදී ඩීඑස්අයි සමාගමේ කළමනාකාර අධ්යක්ෂ ලාල් නුගවෙල අතින් අදාළ අනුග්‍රාහක චෙක්පත වෙළද සේවා බැඩ්මින්ටන් සංගමයේ සභාපති නිරෝධ ද කොස්තා වෙත පිරිනැමුණු අතර එම අවස්ථාවට LI-NING නිෂ්පාදන නියෝජනය කරමින් මාල දිවයින,ශ්‍රී ලංකාව සහ මැද පෙරදිග කළාප නියෝජිත ලෙස කටයුතු කරන ප්‍රදීප් සිං ද එක්විය.එසේම මෙම තරගාවලියේ මාධ්‍ය හමුවට සාපේක්ෂව LI-NING ලාකේය වෙළද පොළට නිල වශයෙන් හදුන්වාදීමද එම අවස්ථාවේදී සිදු කෙරිණ.
තරගකරුවන් 350 දෙනෙකු තරග 265 ට මෙම තරගාවලිය තුළ මුහුණ දීමට නියමිත අතර මෙවර තරගාවලිය තුළ වෙනදාට වඩා පිබිදීමක් සහ සහභාගීත්වයක් දක්නට ලැබෙන බව වෙළද සේවා බැඩ්මින්ටන් සංගමයේ සභාපති නිරෝධ ද කොස්තා සදහන් කළේය.තරගාවලියේ මාධහ හමුව මෙන්ම තරගාවලියේ තොරතුරු සම්පාදනය කිරීමට මාධ්‍යයට දායකත්වය දක්වමින් මාධ්‍ය සම්බන්ධීකරණ කටයුතු සදහා www.supirikrida.com වෙබ් අඩවිය කටයුතු කරයි.
www.supirikrida.com
No comments:
Post a Comment