හැට වන ජාතික බැඩ්මින්ටන් ජාතික සූරතාවලිය 18,19,20 සහ 21 යන දිනයන් හී පැවත්වෙන බව ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ නියෝජිත පාලිත හෙට්ටිආරච්චි මෙන්ම එම සංගමයේ සභාපති පරාක්‍රම බස්නායක ද සුපිරි ක්‍රීඩා වෙත පවසා සිටියා.ඔලිම්පික් තරගාවලියේදී ඉහළ දස්කම් දැක් වූ නිලූක මෙන්ම දිනූක ද මෙම ජාතික තරගාවලියට සහභාගි වීමට සූදානමින් සිටින බව පාලිත පෙන්වා දුන් අතර ඉකුත් වසරේ ජාතික සූරිය වූ අචිනි රත්නසිරි මෙම තරගාවලියට ආබාධිත තත්ත්වයක් නිසා සහභාගි නොවන බව ද ප්‍රකාශ කර සිටියා.එසේම ප්‍රවීන ක්‍රීඩිකා තිළිනි ජයසිංහ ද මෙම තරගාවලියේදී කේවල තරග වලින් ඉවත් වී සිටින අතර නමුත් දැනට වයස්ගතම ක්‍රීඩිකාව ලෙස සැළකෙන චන්ද්‍රිකා ද සිල්වා කේවල,යුගල මෙන්ම මිශ්‍ර යුගල යන තරග අංශ ත්‍රිත්වයෙන්ම මෙම තරගාවලියට පෙනී සිටිනවා.
බැඩ්මින්ටන් සංගමයේ අදූරදර්ශි පාලනය පිළිබදව විශාල ගැටළු ගණනාවක් පවතින අතර ඒ පිළිබදව පරිපාලනය සමග සංවාදයකට ජනමාධ්‍යයට විවෘත අවස්ථාවක් ලබා දිම බැඩ්මින්ටන් සම්මේලනය මග හරිමින් සිටිනවා.නිලූක ගෙ ඔලිම්පික් සහභාගීත්වය පිළිබදව ප්රශ්නය ඉදිරියේ සුපිරික්‍රීඩා කළ හෙළිදරව්වකට අනුව ක්‍රීඩා අමාත්‍යවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියෙක් කරන ලද දැණුම් දීමකට අනුව මාධය හමුවක් කැදවා අතපසුවීම් සහ නොදන්නා කම් පිළිබදව පරිපාලනයකින් නොවිය යුතු ප්‍රකාශ ගණනාවක් ප්‍රකාශ කර අනුකම්පාව දිනා ගැනීමේ වෑයමක නිරත වූ අතර වඩාත්ම නින්දිත ලෙස කොරියානු සංචාරයේ කළමණාකරු පත් කිරීම ඇතුළු පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සම්බන්ධයෙන් වගකීමකින් තොරව හැසිරීම,පිළිබදව විමසා සිටියදී බැඩ්මින්ටන් සභාපතිවරයා ප්‍රකාශ කළේ ඒ පිළිබදව වෙනම මාධය හමුවක් පවත්වන බවයි.එම මාධය හමුව බාලගිරි දෝෂයට අසුවී ඇති අතර එල්ල වන දැවැන්ත චෝදනා හමුවේ මාධ්‍යයෙන් ගැලවීම සදහා මෙවර ජාතික තරගාවලියද මාධ්‍ය හමුවකින් තොරව පැවත්වීමට කටයුතු යොදා තිබෙනවා.ඒ පිළිබදව පරාක්‍රම බස්නායක සභාපතිවරයාගෙන් සුපිරි ක්‍රීඩා විමසා සිටිය අවස්ථාවේ ප්‍රකාශ කර සිටියේ මාධය හමුවක් ගැන උනන්දු නොවූ බවයි.
එසේම සභාපතිවරයාට මෙන්ම පාලිත හෙට්ටිආරච්චිට ද සුපිරික්‍රීඩා පොරොන්දු වූ ප්‍රකාරව තරග කාල සටහන මෙහි පළ කරන අතර එය කණිෂ්ඨ බැඩ්මින්ටන් තරගාවලියේදී මෙන් වරින්වර වෙනස් වීම් වලට භාජනය වේදැයි කරණ ලද විමසීමේදී එය එසේ නොවන බවට සහතිකයක් ලබා දීමට ද ඉදිරිපත් වුණා.
බැඩ්මින්ටන් සංගමය වෙනුවෙන් පාලිත හෙට්ටිආරච්චි විසින් ඉදිරිපත් කරන ලද තරග කාල සටහන මේ සමග ඇති google සබදතාවය තෙරපීමෙන් පරික්ෂා කිරීමට හැකියි
.https://docs.google.com/spreadsheet/ccc?key=0Aqd36zloZGpjdDlzcXUtenlKVkNEbkVLellzcWwtdVE&pli=1#gid=0
www.supirikrida.com

No comments:
Post a Comment