|
Ice Skating,
|
නොවැම්බර් 25 දා පැවත්වෙන ඉන්දීය ඔලිම්පික් නිලවරණයේදී නව ක්‍රීඩා පරිපාලන පහකට ඡන්දය භාවිතා කිරීමේ බලය ලබා ගැනීමට ඉන්දීය වැඩ බලන ඔලිම්පික් කමිටු සභාපති විජය කුමාර් මල්හෝත්‍රා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවෙන් ඉල්ලා ඇති බව වාර්තා වේ.එම ක්‍රීඩා පහෙන් තුනක්ම ශීත සෘතු ක්‍රීඩා වීම විශේෂත්වයක් වන අතර එම ක්‍රීඩා නම්
Ice Skating,Ice Hockey සහ
Luge වේ.ඊට අමතරව
Golf සහ
Modern Pentathlon ක්‍රීඩා පරිපාලන ද එම ඡන්ද බලය අපේක්ෂිත ක්‍රීඩා පරිපාලන අතරට වැටේ.
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ඉන්දීය ඔලිම්පික් බලධාරීන්ට එල්ල වූ වංචා චෝදනා පිළිබදව සළකා බලා සභාපතිව සිටි සුරේෂ් කල්මාඩි ඇතුළු තිදෙනෙකුට එරට ඔලිම්පික් නිලවරණයට ඉදිරිපත් වීම තහනම් කිරිම නිසා මෙවර නිලවරණයෙන් පසුව නව පරිපාලනයකට දොරටු විවර වන අතර ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ඇති වී තිබෙන තත්ත්වයන් පිළිබදව දැඩි විමසිල්ලෙන් පසුවන බව ජාත්‍යන්තර ක්‍රීඩා ආරංචි මාර්ග සදහන් කරයි.
www.supirikrida.com
No comments:
Post a Comment