
වරගීකරණ වටයේ දී එච් කාණ්ඩයෙන් තරග බිමට පිවිසි ශ්‍රී ලංකාව ඊයේ ඕසට්‍රේලියාව සමග තරගයට පිවිසෙන විට ඒ වන විට දක්වා තිබූ දක්ෂතා පදනම් කරගෙන සළකා බලද්දී තරගය ජය ගත හැකි මට්ටමක සිටියා.ඒ තත්ත්වය තව දුරටත් පැහැදිළි කරමින් ඔවුන් ප්‍රථම වටය ලකුණු 25 - 16 ක් ලෙස ඕස්ට්‍රේලියාවට එරෙහිව ජය ගත්තා.නමුත් ඉතිරි වට තුන ප්‍රබල ලෙස තරගයට අවතීර්ණ වූ ඕස්ට්‍රේලියාව ලකුණු 25 - 21 ,26 - 24 සහ 26 - 24 ලෙස ජය ගැනීමට සමත් වුණා.
තරගය තුළ රැදී සිටීමට සහ අවස්ථානුකූලව ක්‍රියා කිරීමට ඇති වෘත්තිමය වට පිටාවකින් තොරවීම නිසා ලා බාල යොවුන් ක්‍රීඩිකාවන් ට තරගයේ ජය අහිමි වුව ත් ප්‍රථම වටයේ ඔවුන් ලැබූ පහසු ජය නිසා තරගයේ සමස්ත ලකුණු සටහනේ එකතුව විමසද්දී ශ්‍රී ලංකාව ලකුණු 94 - 93 ක් ලෙස ඕස්ට්‍රේලියාවට වඩා ඉදිරියෙන් සිටියා.එහි තරග වාර්තාව සදහා පහත සබදතාවය හරහා පිවිසිමට අවස්ථාව ලැබෙනවා http://www.asianvolleyball.org/upfile/bulletin/files/201210/1552642981_1350398272.pdf
www.supirikrida.com
No comments:
Post a Comment