
එසේම ගෙවුණු ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙහිදී ඉහළ දස්කම් දැක්වීම කැපී පෙණින.තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා වූ වෙන්නප්පුව ජෝෂප්වාස් විද්‍යාලයේ අශේන් ප්‍රනාන්දු මීටර් 7 . 43 ක දක්ෂතාවයක් දැක් වූ අතර ඔහු ද ගෙවුණු ආසියාතික කණිෂ්ඨ මලල ක්‍රීඩා උළෙල නියෝජනය කළ සහ ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩකයෙකි.දක්ෂතම ක්‍රීඩිකාව වූ කෑගල්ල ශාන්ත ජෝෂප් බාලිකා විද්‍යාලයේ පබසරා සේනානායක ද එම ක්‍රීඩා උළෙල මෙන්ම ජාත්‍යන්තර ක්‍රීඩා උළෙල ගණනාවකට ශ්‍රී ලංකාව නියෝජනය කළ මීට පෙර ද මෙම ක්‍රීඩා උළෙලේ දක්ෂතම ක්‍රීඩිකාවය වීමට තරම් දක්ෂතා ප්‍රකට කර තිබූ ක්‍රීඩිකාවක්ය.
තරග උළෙලේ නව වාර්තා බිහි කිරීමට සමත් වූ ඉසව් 13 ක ජයග්‍රාහකයන්ට රුපියල් ලක්ෂයක් බැගින් පිරිනමන්නට තාරුණ්‍යයට හෙටක් සංවිධානය කටයුතු කිරීම අගය කළ යුතු ක්‍රියාවකි.නමුත් එම අගය කිරීම අතරේම වාර්තා 13 ට සීමා වීම ට තරගාවලිය බෙලිඅත්ත ඩීඒ රාජපක්ෂ ක්‍රීඩාංගණයට පැමිණීම හේතු වූ බව ද පැවසිය යුතුය.විශේෂයෙන් පබසරා සේනානායක වැනි ක්‍රීඩිකාවක් මීටර් 100 වැනි ඉසව්වක නව වාර්තාවකට පිවිසෙමින් තත්පර 12.30 ක ට තරගය නිම කිරීම අගය කළ යුතු අතර එවැනි වාර්තාවක් ඇගයීම මෙන්ම එම වාර්තාව බිහි වූ භෞතික පසුබිම සැළකිල්ල යොමු කිරීමේදී සුගතදාස පිටියේදී හෝ දියගම රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී එම ධාවනයේ කාලය තව දුරටත් අඩු වීමට ඇති භෞතික තත්ත්වයන් ගැන ද සැළකිල්ල යොමු කිරීම වටින්නේය.
ඒ නිසා ක්‍රීඩාවට යම් ඇගයීමක් හිමි වීම මෙන්ම ක්‍රීඩාවට ජාතික තලයෙන් ඉහළට ප්‍රවේශ වීමට ඇති ගුණාත්මක සාධක අහිමි වීම පිලිබදවද මෙහිදී අවධානය යොමු කිරීම වටින්නේය.එහිදී අධයාපන අමාත්‍යවරයා සහ තාරුණ්‍යයට හෙටක් සංවිධානය ලබා දෙන ශක්තිය නිසි ආකාරයෙන් භාවිතයට ගැනීම වෙනුවෙන් තර්ක කිරීමට ඇති හැකියාව ස්වීය අවශ්‍යයතා වෙනුවෙන් අගුළු ලෑ අධ්‍යාපන අමාත්‍යංශ ක්‍රීඩා අංශය මෙන්ම පාසල් මලල ක්‍රීඩා සංගමයේ දේශපාලනය ශේප කර ගැනීමේ න්‍යායට අවනත වීමේ ක්‍රියා කළාපයද,ලබා දුන් ආශිර්වාදය ඒ ආකාරයෙන් නෙලා ගැනීමට අපොහොසත් වීමේ වගකීම භාර ගත යුතුය.
ක්‍රීඩා උළෙල කළෙකින් ගමට යාම ගැන උදම් අනමින් අධයාපන අමාත්‍යවරයා ඉදිරියේ ලකුණු ලබා ගන්නා අධ්‍යාපන ක්‍රීඩා බලධාරීන් එම තත්ත්වය ශ්‍රී ලංකාවට කෘතිම ධාවන පථයක් නොමැති කළ සිදු වූ බව අමාත්‍යවරයාට හෝ තාරුණ්‍යයට හෙටක් සංවිධානයට වටහා දෙන්නට හෝ තරගාවලිය බෙලිඅත්තට ගෙන යාම නිසා ක්‍රීඩා ශක්‍යතා වල වර්ධනයේ බලපෑමක් මෙන්ම එම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාතික මට්ටමේ හෝ ජාත්‍යන්තර මට්ටමේ පරිසාධන මට්ටම්වලට පිවිසීමට ඇති අවස්ථා වැළකී යාම පිලිබදව කියන්නට ඔවුන්ගේ දිව වල් පැටලී තිබිණ.
දේශපාලනඥයන් සිය කාර්යයෙන් උපරිම සහ වැදගත්ම ප්‍රතිපලය බලාපොරොත්තු වන බව තේරුම් ගන්නට නොහැකි නිලධාරි නඩයක් ස්ව කැමැත්තෙන් ස්වීය කොදු නාරටි බිද ගෙන සිටින තත්ත්වයක දේශපාලනඥයන්ගේ වෙහෙසද හිල් කල වලට වතුර පිරවීමක් ලෙස අවසන් වන අතර එහි යම් යම් ඉස්මතු වීම් සළකා කරනු ලබන ඝෝෂාවන් හිස් කළ සෙලවීමක්ම පමණක් බව ද සිහි තබා ගැනිම වටින්නේය.
www.supirikrida.com
No comments:
Post a Comment