ජාතික ක්‍රීඩා විද්‍යාතනයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය
ගිතාංජන මෙණ්ඩිස් ජිවිතයෙන් සමුගත්තේය.කොළම පෞද්ගලික රෝහලක දී සැත්කමකට භාජනය වූ
වෛද්‍ය ගීතාංජන ගේ මරණය සම්බන්ධයෙන් ඊයේ හවස් වන තෙක්ම නීතිමය වශයෙන් පරීක්ෂණ
පැවත්වුණු බව සුපිරි ක්‍රීඩා වෙත වාර්තා වෙයි.බටහිර විශේෂඥ වෛද්‍යවරයෙකු වුව ද
වෙනත් වෛද්‍ය ක්‍රම පිලිබදව ද විශ්වාසයෙන් කටයුතු කළ වෛද්‍ය ගීතාංජන කටු චිකිත්සාව
කෙරෙහි විශාල ප්‍රසිද්දීයක් ඉසිලූ අතර ඒ සම්බන්ධ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ආයතනයක
මූලිකත්වය ගෙන කටයුතු කරමින් විවිධ වූ පුද්ගලයන්ට එම සංවිධානය මගින් ආචාර උපාධි
පිරිනැමීමට මූලිකත්වය ගෙන කටයුතු කිරීම නිසා දැඩි ආන්දෝලනයකට තුඩු දුන් චරිතයක්
විය.
එසේම ඔහු ගේ වෙනත් වෛද්‍ය ක්‍රම පිළිබද ඇති විශ්වාසය
නිසාම ඉසිවරයෙකු ලෙස පෙනී සිටිමින් සමාජය මුලා කිරීමට ලක් කළ ප්‍රකට
පුද්ගලයෙකුගෙන් ද වෛද්‍ය ගීතාංජන මෙණ්ඩිස් ප්‍රතිකාර ගන්නා බවට රාවයක් පැතිර ගිය
අතර ඔහු ගේ මරණයට හේතුව එම පුද්ගලයාගේ අනිසි උත්තේජන ඇති කරන ආකාරයේ ඖෂධ විය
හැකි බවට ද ඔහු ගේ මරණයෙන් පසුව විශාල රාවයක් පැතිර යමින් පවතියි.
No comments:
Post a Comment