පිහාටු මලෙන් ඇමතිවරයාට තවත් වැරදි පිරිනැමීමකට සූදානමක්
මේ වන විට ක්රීඩාවට සහ ක්රීඩකයින්ට අතිශයින් අහිතකර
තීරණ ගණනාවක් ගෙන ඇති බැඩිමින්ටන් පරිපාලනය, එම තීරණ වලට තුඩු දුන් හේතුව තේරීම්
කමිටුවක් නොමැති වීම යන්න ඒත්තු ගන්වමින් තේරීම් කමිටුව ලෙස ඒ සදහා නුසුදුසු
පුද්ගලයින් ගණනාවක් ඇතුළත් නාම ලේඛණයක් ඇමතිවරයා ලවා අනුමත කර ගැනීමේ සූදානමක්
පවතින බව සුපිරික්රීඩා වෙත වාර්තා වේ.විධායක කමිටුවේ අනුමැතියකින් තොරව කිහිප
දෙනෙකුගේ කැමැත්ත මත ඉදිරිපත් කිරීමට සූදානම් වන මේ තේරීම් කමිටුවේ වැඩි දෙනෙකු
පුහුණුකරුවන් වීමත් ඒ ඇතැමෙකුට යම් යම් සංගම් වලින් විනයානුකූල පියවර ගැනීම නිසා
තහංචි සහ දඩුවම් පැනවී ඇති අය බවත් බැඩ්මින්ටන් ආරංචි මාර්ග තහවුරු කරයි.
www.supirikrida.com
No comments:
Post a Comment