මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ක්‍රියාත්මක
තෙවන පකිස්තාන - ශ්‍රී ලංකා ටෙස්ට් තරගයේ තෙවන දිනය සදහා තරගය ආරම්භ කිරීමට හැකි
තත්ත්වයක් පවතින බවත් උදෑසන 7.00 වන විට ක්‍රීඩා තණතීරුව ආවරණය කර තිබූ ආවරණ ඉවත්
කරමින් තිබූ බවත් සුපිරි ක්‍රීඩා වෙත වාර්තා වේ.වර්සාව නිසා දෙවන දිනයේ තරගය එකදු
පන්දුවක්වත් යැවීමෙන් තොරව අත්හිටවා දැමූ අතර තෙවන දිනයේ පෙ.ව. 7.00 වන විට පවතින
තත්ත්වය අනුව යහපත් කාලගුණයක් පෙනෙන්නට ඇත.ඒ අනුව තරගය ආරම්භ කිරීමට පෙර යළිත්
වර්සාපතනයක් හදිසියේ කඩා නොවැටෙන්නේ නම් තරගය නියමිත වේලාවට පැවත්වීමට අපහසුවක්
නොවනු ඇති බව පල්ලේකලෙන් ලැබෙන ආරංචි මාර්ග තහවුරු කරන්නේය.
සම්පූර්ණ දිනයක් අතහැරි තරගයක් ඊ ළග දිනයේ නියමිත වේලාවට
ඇරඹීමට හැකි පරිදි පිටිය ආවරණය කටයුතු නිසි පරිදි සිදු වී තිබීම පැසසුම්දායක
කාර්යයක් වන අතර ඒ සම්බන්ධයෙන් අදාල පැසසුම විදින්නටනම් ගතවෙන කාලය තුළ යළි වර්ෂාව
ඇති නොවී තිබිය යුතුය.
No comments:
Post a Comment