මෑත කාලයේ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස ශ්‍රී ලංකා
කණ්ඩායමට ජයග්‍රහණ ලබා දෙන්නෙකු බවට පත් ව සිටින තිසර පෙරේරා ශ්‍රී ලංකාව සහ
පකිස්තානය අතර පැවත්වෙන තෙවන ටෙස්ට් තරගයේ දී ද ඒ බව සනාත කරමින් සිටියි.පන්දු
යැවීමේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ සාර්ථකම පන්දු යවන්නා වෙමින් පකිස්තානු කණ්ඩායමේ
පිතිකරුවන් සිව් දෙනෙකුම දවා ගත් තිසර, ශ්‍රී ලංකා ඉණිමේ දී පිතිකරුවෙකු ලෙස
සාර්ථක වෙමින් පන්දු 86 ක් තුළ ප්‍රවේගකාරී ලකුණු 75 ක් ලබමින් ශ්‍රී ලංකාවට ප්‍රථම
ඉණිමේ ලකුණු 111 ක වාසියක් ලබා ගන්නට ඇවසි පසුබිම සකස් කළේය.
ඊයේ දිනය නිමා වන විට පිලිතුරු දෙවන ඉණිම සදහා පන්දුවට
පහර දෙන පකිස්තානය එක් කඩුල්ලක් ලබා ලකුණු 27 ක් ලබා සිටින අතර දැවී ගිය තවුෆික්
උමාර් ගේ කඩුල්ල නුවන් කුලසේකරට හිමි වී තිබිණ.අද උදෑසන පරිසරයේ ඇති සිසිල්
ස්වභාවයත් සමග වේග පන්දුවෙන් ලබා ගත හැකි දෝලනය මෙන්ම වේගයද උපයෝගි කර ගනිමින්
තරගය ශ්‍රී ලංකාවට වාසිදායක තත්ත්වයකට හරවා ගැනීමට වැඩි ඉඩක් පවතින අතර එහිදී
යළිත් තිසර පෙරේරා ට මුලීක තැනක් හිමි වන්නේය.ඒ නිසා පකිස්තානු පිතිකරුවන්ගේ
අවධානය සහ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ අවශ්යයතාවය වෙනුවෙන් සටන් වැදීමේ ප්‍රමාණය
මත තරගයේ මුල් පැය කිහිපය ක්‍රියාත්මක වීමට නියමිත අතර එම කාලය තරගයේ හැරවුම්
ලක්ෂය තීරණය කරන කාලය වනු ඇත.
කෙසේ වුවත් ශ්‍රී ලංකාවට මෙම තරගය ජය ගැනීමට නම්
පකිස්තානය අඩු ලකුණු සංඛ්‍යාවකට දවා ගැනීම ඉතා වැදගත් වන අතර මන්ද පකිස්තානු වේග
පන්දු යවන්නන් අතරින් මෙම තරගයේ ප්‍රථම ඉණිමේදී දෙවන වරටත් කඩුලු 5 ක් දවා ගත්
ජුනයිඩ් ඛාන් විශාල ලකුණු ප්‍රමාණයක් හඹා යාමේදී විශාල බාධාවක් වනු සැක නැත.ඒ නිසා
තරගයේ තීරණය පිළිබද තීරණාත්මක දිනය අද වබ බවට සැළකිය හැකි අතර මේ දක්වා තරගයේ ලකුණු
පූවරුව ක්‍රියාත්මක වූ අයුරු පහත සබදතාවයෙන් දැක ගැනීමට හැකිය.
http://www.espncricinfo.com/sri-lanka-v-pakistan-2012/engine/current/match/562446.htmlwww.supirikrida.com
1 comment:
බලමු නේද මොකද වෙන්නේ කියලා..
Post a Comment