ලොව 116 වන ස්ථානයට සහ
ලංකාවේ මේ වන විට 10 වන ස්ථානය දක්වා ශ්‍රේණිගත කිරීම් වල පහත වැටී සිටින තිළිණි
ජයසිංහ ට ඒ අවස්ථාව උදා වූයේ ශ්‍රී ලංකා බැඩිමින්ටන් පරිපාලනය ඇයට දැක් වූ විශේෂ
සැළකිල්ල හේතුවෙන් බව ක්‍රීඩා කේෂ්ත්‍රයේ ආරංචි මාර්ග පෙන්වා දෙයි.ඒ අවස්ථාවද
සුදුසුකම් ලැබූ ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකු සහභාගී නොවීම නිසා අවස්ථාවක් බව
බැඩ්මින්ටන් පරිපාලනය ද පිළිගන්නේය.
කෙසේ හෝ ඊයේ රාත්‍රිය වන
විටත් අන්තර්ජාලය හරහා http://en.wikipedia.org/wiki/Badminton_at_the_2012_Summer_Olympics_%E2%80%93_Women%27s_singles මගින් තොරතුරු ලබා ගනිද්දී ද තිළිණි ගේ නම
දකින්නට නොතිබි අතර එහි තේරී පත් වී සිටින ක්‍රීඩිකාවන් අතර අවසානයට සිටින රේනා
වැන්ග් (ඇමෙරිකාව) සිටින්නේ 63 වන ස්ථානයේ වන අතර තිලිණි සිටින්නේ 116 වන
ස්ථානයේය.රේනා ට ඒ සදහා ලකුණු 23546.4119 ක් හිමි අතර තිළිණි ට හිමි වී තිබෙන ලකුණු ප්‍රමාණය 12613.0000 කි.
තිලිණි මේ සදහා
අන්තර්ජාතික තරග 14 ට සහභාගි වී ඇති අතර ශ්‍රී ලංකාවේ අංක එකට සිටින ක්‍රීඩිකාව වන
අචිනි රත්නසිරි ට ලබා දී ඇති ජාත්‍යන්තර තරග ප්‍රමාණය 9 ක් පමණක් වන අතර ඇය එම තරග
තුළ දී ලොව 148 වන ස්ථානයට පත් වී
සිටියි.නමුත් තරගාවලි 10 ට සහභාගි වීමේ භාග්‍යය ලබා ඇති චන්ද්‍රිකා ද සිල්වා 137
වන ස්ථානයේ පසුවෙයි.
මේ තත්ත්වය තවත් ආකාරයකින් සනාත කර ගත හැකි අවස්ථාවක්
පසුගිය තෝමස් සහ ඌබර් කුසලාන තරගාවලියේදී ද සිදු වූ අතර ඒ සදහා කේවල තරග සදහා
සුදුසුකම් ලබා සිටි ලේඛා ෂෙහානි වෙනුවට එක් තරගයක් සදහා තිළිණි යෙදවීමට අසාධාරණ
ලෙස බැඩ්මින්ටන් පරිපාලනය ගත් තීරණය නිසා තිළිණගේ ලකුණු 12613.0000 සදහා එම තරගයෙන් ලකුණු 1373 ක් එක් කර ගන්නට
හැකි විය.එහිදී තිළිණ එම තරගයේදී තායිලන්තයේ INTHANON RATCHANOK වෙතින් ලද
පරාජය සටහන් වූයේ ලකුණු 25 – 9 ක් සහ 25 – 5 ක් ලෙස ය.
ක්‍රීඩිකාවක ලෙස ඇය බින්දුවට දැමීම අපේ පරමාර්ථය නොවන
අතර බින්දුවක්වත් නොවටින වැඩ කරන බැඩ්මින්ටන් පරපාලනය මේ සටහනට අභියෝග කරන්නේ නම්
ඒ සදහා තිළිණි ලකුණු ලැබූ ආකාරය සටහන් මෙම http://www.bwfbadminton.org/page.aspx?id=14955 සබදතාවය ද රැගෙන එන ලෙස එම අභියෝගයට මුහුණ
දීමට පෙර අප යෝජනා කරන්නෙමු.එහි දී අප ක්‍රීඩිකාවට ඇති ගෞරවය සළකා ඉදිරිපත් නොකළ ඒ
ඒ තරග වල දි ලකුණු එකතු වීමට බල පෑ භෞතික සාධක සමග ඇය මේ ලකුණු තත්ත්වයට පැමිණි
ආකාරය පෙන්වා දීමට සූදානමින් සිටින්නෙමු.
ඒ නිසා 2008 දී තිලිණි ඔලිම්පික් සදහා සහභාගි වන විට
දැමූ මල් මාලා දැමීමට අපගේ මාධය භාවිතය මගින් පෙළඹවීම් ඇති කිරීම හදවතට එකගව කළ
නොහැකි ය.මන්ද එදා තිළිණි මේ රටේ සිටි අංක එකේ ක්‍රීඩිකාව ලෙස ඒ සදහා සුදුසුකම්
ලැබුවත් මෙවර සහභාගි වීම රටේ ක්‍රීඩාවේ ප්‍රගතියක් ලෙස හැදින්වීමට නොහැකිය.ඒ සදහා
තිළිණි ට ගල් ගසන්නට ද අප සුදානම් නැත.ඒත් අප පෙන්වා දෙන්නේ බැඩිමින්ටන් පරිපාලනය
සැගවී යැයි සිතා ගෙන කරන වීදුරු ගෙදර සිට ගල් ගැසීමය.
වරෙක එහි උප සභාපතිවරුන්ගේ දරුවන්ට පමණක් නොව ඔවුන්ගේ
ආවතේවකරුවන්ට ද කණ්ඩායම් කළමණාකරුවන් ලෙස විදේශ සංචාර ලබා දෙන තත්ත්වයට අජූත වී
සිටින බැඩ්මින්ටන් පරිපාලනයේ වෙනස් වීමක් අපේකෂා කළ ක්‍රීඩා අමාත්‍යවරයාට එම පරිපාලනයේ
එල්ලී සිට එන එන පරිපාලනය අවුල් කරන පුද්ගලයෙකු වෙනස් කිරීමට නොහැකි වීම මේ
තත්ත්වය ඇති වීමට වැඩි පුරම බලපාන හේතුව බව බැඩ්මින්ටන් කේෂ්ත්‍රයේ විශාල පිරිසක
ගේ අදහස වී ඇත.
වෙනත් දේශපාලනඥයන්ගේ නම් ද ක්‍රීඩා අමාත්‍යවරයාගේ
උවමනාවන් ලෙස ද තමන්ගේ නොපනත්කම් හදුන්වා දීම විළාශයක් ලෙස කරගෙන යන බැඩ්මින්ටන්
පරිපාලනය තිළිණි ගේ බැඩ්මින්ටන් ඔලිම්පික් තේරීම ස්ථීර කිරීමට හෝ නොකිරීමට ඇති
අයිතියට,ඇයගේ ගම මහනුවර ප්‍රදේශය වීම උලුප්පා දක්වා අමාත්‍යවරයාට ඈදා බලපෑම්
කිරීමේ උත්සාහයක් ද ක්‍රියාත්මක කිරීමට සූදානම් වෙමින් පවතින බව සුපිරික්‍රීඩා වෙත
වාර්තා වෙයි.එසේම මේ වන විටත් අමාත්‍යවරයා මේ ක්‍රියා කළාපයන් පිළිබදව සොයා බැලීමට
සූදානම් වන තත්ත්වයක නිලූක කරුණාරත්නට අමාත්‍යංශයෙන් විශාල මුදල් ප්‍රමාණයක් දී
ඇති බවට අමාත්‍යවරයාට ලබා දී තිබූ බොරු සංඛ්‍යා ලේඛණ පිළිබදව ද කළබලයට පත් වී ඇති
බව වාර්තා වේ
අමාත්‍යවරයා සැබවින්ම අමාත්‍යංශ මුදල් නිලූක වෙනුවෙන්
මුදා හැර ඇත්නම් ඒ මුදල් නිලූකට ද වෙනත් ක්‍රීඩිකාවන්ට ද ලබා ලබා දී ඇත්තේ දැයි පරීක්ෂණයක්
අවශ්‍යය වී ඇත.ක්‍රීඩා අමාත්‍යංශයෙන් ලබා දුන් මුදල් සහ බැඩ්මින්ටන් පරිපාලනයෙන්
එම මුදල් ලබා දීමේදී එක එක ක්‍රීඩකයාට ලබා දී ඇති ප්‍රමාණයන් කවරේද යන්න එහි
නිවැරදි ගිණුම් සමග ඉදිරිපත් කළ යුතුව ඇති නමුත් තවමත් එම ගිණුම් අනුමත කර
ගැනීමක්වත් නොකර පාරදෘශ්‍යභාවයෙන් තොරව ක්‍රියා කිරීමද ගැටළුවකි.මේවා නිවැරදිව ඉදිරිපත් කරද්දී සැබවින්ම දක්ෂයාට නිවැරදිව සළකා ඇද්ද යන්න පිළිබදව ඇති ගැටළුව තව දුරටත් ලිහා ගැනීමට හැකි වනු ඇත.
No comments:
Post a Comment