Dec 18, 2012

පරාජයෙන් ගලවාගැනීමේ වගකීම මහේල සහ සංගා පිට ට

Shane Watson was stumped for 5කුණු 393 ක ඉලක්කයක් හඹා ගොස් ජය ගන්නේද,තරගය ජය පරාජයෙන් තොරව අවසන් කර ගන්නේද යන ගැටළුවත් සමග කඩුළු 8 ක් සහ තවත් ලකුණු 328 ක් සමග ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉරණම තීරණය කිරීමේ වගකීම මේ වන විට මහේල ජයවර්ධන සහ කුමාර සංගක්කාර වෙත පැවරී ඇත.ප්‍රථම ඉණිමේ දී ලබා ගත් වාසිදායක තත්ත්වය පෝෂණය කිරීමට ඇවැසි විශාල දායකත්වයක් ඕස්ට්‍රේලියානු ඉණිම ආරම්භයෙන් ලැබුණ ද,එය පවත්වා ගැනීමට හැකියාවක් ඔවුන්ට නොලැබිණ.විශේෂයෙන් මයිනල් ක්ලාක් හොදින් පිත්ත හසුරුවමින් සිටියදි ආබාධයකට ලක් වී පිටියෙන් ඉවත් වීමත් සමග මයික් හසී ට එක පසෙක සිට හුදෙකලා වේ බලා සිටීමට සිදු වූ අතර ඕස්ට්‍රේලියානු පසු පෙළ සිය දග කැවීමෙන් අන්ද මන්ද කළ රංගන හේරත් ලකුණු 96 ක් තුළ කඩුලු 5  ක් බිද හෙළිය.ඒ අනුව කඩුලු 9 ට ලකුණු 278 ක් ව තිබිය දී ඕස්ට්‍රේලියානු දෙවන ඉණිම නිමාවට පත් විය.
විශේෂයෙන්ම ඕස්ට්‍රේලියානු දෙවන ඉණිමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් එල්ල කළ තර්ජනය තරමටම ප්‍රසන්න ජයවර්ධන කඩුල්ල පිටුපස සිට කළ බලපැම ද,යළි යලිත් ජාත්‍යන්තර විචාරකයන් පවසන අන්දමට ලොව හොදම කඩුලු රකින්නා ප්‍රසන්න බව සනාත කළේය.විශේෂයෙන් ෂේන් වොට්සන් දවා ගැනිමට ඇසිල්ලක් තුළ කළ විශ්මය දනවන ස්ටම්ප් කිරීම ප්‍රදර්ශනාත්මක ක්‍රියාවක් ලෙස හැදින්විය හැකිය.පීටර් සීඩ්ල් දවා ගැනීමට ප්‍රසන්න කළ උඩ පන්දු රැකීමද එවැනිම ප්‍රදර්ශනාත්මක  දස්කමක් විය.
ප්‍රථම ඉණිමේදී  ශ්‍රී ලංකාවට පිට පිටම දෙවන වරටත් පන්දුවට පහර දීමට විය හැකි අවදානමෙන් ගලවා ගත් ටීඑම් ඩිල්ෂාන් දෙවන ඉණිමේදි අසාර්ථක වීමත්,දිමුත් කරුණාරත්නගේ ඉණිම ලකුණු 30 කින් නිම විමත් සමග ක්‍රීඩා පිටියේ එක් වූ මහේල සහ කුමාර සංගක්කාර ඊයේ දිනය නිමවන විට නොදැවි සිටියහ.පන්දු ඕවර් 13 . 5 ක් තුළ සිය කඩුලු රැක ගනිමින් ලකුණු 18 ක් පමණක් ලබා ගත් මහේල සහ සංගා ජයග්‍රහණයට වඩා සිය කඩුලු බේරා ගැනීම පිළිබදව වැඩි අවධානයක් යොමු කර පරාජය නොවි සිටීමට අවශ්‍යය පරිසරය නිර්මාණය කර ගැනීමට උත්සාහ දරන බවක් පැහැදිළි විය.දිනයක් තුළ ලබා ගත හැකි ලකුණු ප්‍රමාණයක් සහ තරගයේ සිව්වන දිනයේ පන්දු යවන්නන්ට වාසිදායක විය හැකි පරිසරයක ඒ ඉලක්කය හඹා යාමට ගොස් තරගය පරාජය වීමේ අවදානමත් රැගෙන අද පිටියට එන ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨතමයන් දෙදෙනා දැනට ලොව ඕනෑම කඩුල්ලක් සදහා වන වාර්තාගත ටෙස්ට් තරග කඩුලු සබදතාවයේද හිමිකරුවෝය.ඒ නිසා කඩුල්ල රැක ගැනීම සිය ප්‍රධාන කාර්යය බවට පත් කර ගෙන,පරාජය නොවී සිටීම අරමුණ කර ගනිමින් ක්‍රීඩා කිරිමට මෙම යුගලය දක්වන දායකත්වය මත ඇතැම් විට එහි වරප්‍රසාදයක් ලෙස ජයග්‍රහණය හිමි විමට ද ඉඩ ඇත.
කෙසේ හෝ තරගයේ තීරණය ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන්ගේ දක්ෂතාවය ඉදිරියේ මහේල ජයවර්ධන සහ කුමාර සංගක්කාර හැසිරෙන්නේ කෙසේද යන්න මත රැදි පවතින බව පැහැදිළිය.තරගයේ ලකුණු විස්තරය පහත සබදතාවයෙන් ලබා ගැනිමට හැකිය.
http://www.espncricinfo.com/australia-v-sri-lanka-2012/engine/current/match/573011.html

No comments: