ලංකාවේ පළමු පෙළ තරගාවලිය ක්‍රියාත්මක වන ආකෘතිය වෙනස්
කිරීම සදහා අමාත්‍යවරයා පොළමවා ගනිමින් එක්තරා ක්‍රීඩා සමාජයක වානිජමය වටිනාකම
ආරක්ෂා කර දීමට ක්‍රීඩා විචාරකයෙකු යැයි කියා ගන්නා පුද්ගලයෙකු සම්බන්ධ ක්‍රීඩා
සමාජයක් වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධානින් කටයුතු කරගෙන යන බවත් එය එසේ
වුවහොත් ක්‍රීඩා සමාජ විශාල ප්‍රමාණයක එකතුවක් අධිකරණ ක්‍රියා මාර්ගයකට පිවිසීමට
සූදානම් බවත් ක්‍රිකට් ආරංචි මාර්ග සදහන් කරයි.
ලංකාවේ පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය වඩාත් සුපිරි
තත්ත්වයේ කණ්ඩායම් අතර පැවත්වීම වෙනුවෙන් කණ්ඩායම් ප්‍රමාණය අඩු කළ යුතුය යන මතය
අනුව පළමු පෙළ කණ්ඩායම් සීමා සහිත කිරීම සමගම දක්ෂයන්ට අවස්ථාව සළසා දීම පිණිස
දෙවන පෙළ සූරයන් පළමු පෙළට උසස් කිරීම සහ පළමු පෙළ අවසාන ස්ථානය දෙවන පෙළට ඇද
දැමීම ක්‍රියා කළා.නව ප්රවනතාවයන් හමුවේ මේ ක්‍රියා කළාපය නිසා ක්‍රිකට්
තරගකාරීත්වය ඉහළ යාම මෙන්ම අලුත් ක්‍රීඩකයන්ගේ මතු වීම පැරණි ක්‍රීඩා සමාජ පෙරලා
දමමින් සිදු වුණා.
එසේ තාවකාලිකව ප්‍රවීන කණ්ඩායම් පහත වැටි විට එහි සිටි
ප්‍රවීන ක්‍රීඩකයන් වෙනත් ක්‍රීඩා සමාජ වලට ආදේශ වී සිය ක්‍රීඩාව කර ගෙන යාම ද
පසුගිය කාලයේ දක්නට ලැබුණා.නමුත් මෙවර ප්‍රවීන ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම අයත් ක්‍රීඩා
සමාජයකට පළමු පෙළ කාන්ඩයේ අවසාන ස්ථානය හිමිවීමත් සමග එම ක්‍රීඩා සමාජයේ කීර්තා
නාමයට සහ වානිජමය වටිනාකමට හානි සිදු වේ යැයි යන බියෙන් ඒ ක්‍රීඩා සමාජය ඇතුළත් කර
ගැනීමේ උවමනාවෙන් තවත ක්‍රීඩා සමාජ හතරක් ද පළමු පෙළට උසස් කර පළමු පෙළ තරගාවලියේ
තත්ත්වය පහත හෙළිමට ක්‍රිකට් ආයතනය උත්සාහ කරමින් සිටිනවා.
මේ සදහා ජාතික කණ්ඩායමේ
සිටින ක්‍රීඩකයනට අසාධාරණයක් වන බව ද අමාත්‍යවරයාට පෙන්ව දීමට සූදානම් බව වාර්තා
වුණත් ඊට ප්‍රතිවිරුද්ධ අදහස් දක්වන්නන් ප්‍රකාශ කර සිටින්නේ අජන්ත
මෙණ්ඩිස්,සීකුගේ ප්‍රසන්න වැනි ක්‍රීඩකයන් ජාතික කණ්ඩායමට පිවිසියේ දෙවන පෙළ තරග
වලට සහභාගි වෙමින් බවයි.එසේම ජාතික කණ්ඩායමට ඇති තරග වල දී දක්ෂතා දක්වා ඔවුන්ට
ජාතික කණ්ඩායමේ ස්ථානය රැක ගැනීමේ අවස්ථාව ඇති බව ද පෙන්වා දෙන එම පිරිස කණ්ඩායමක්
දෙවන පෙළට වැටුණු පසු එම කණ්ඩායමට අයත් ජාතික තලයේ ක්‍රීඩකයන් ජාතික කණ්ඩායමෙන්
ඉවත් කිරීමක් සිදු නොවන බවත් එම ක්‍රීඩකයන් උපරිම වශයෙන් ප්‍රයෝජනයට ගෙන ඊ ළග වසරේ යළි පළමු
පෙළට පිවිසීම සිය අරමුණ විය යුතු බවත් පෙන්වා දෙන එම පිරිස අදාළ ක්‍රීඩා සමාජයේ
වානිජමය ආකර්ශනය රැක දීම පිණිස ක්‍රිකට් ආයතනය ජාතික ක්‍රිකට් ව්‍යහුයම වෙනස් කර ක්‍රිකට් වලට කරන්නට යන හානිය වෙනුවෙන් අධිකරණ
ක්‍රියාමාර්ගයක් ගන්නා බවත් ප්‍රකාශ කර සිටිනවා.
එසේම ක්‍රීඩා අමාත්‍යවරයා මෙම සිදුවීමේදී කල්පනාවෙන්
කටයුතු කළ යුතු බවත් ක්‍රීඩා සමාජවල කැමැත්ත අනුව ක්‍රිකට් පරිපාලනය තෝරා ගැනීම
සදහා අවස්ථාව දුන් අයුරින්ම පත් වූ නිලධාරීන් ක්‍රිකට් සමාජවල බහුතර කැමැත්ත සාධාරණව
සළකා බලා කටයුතු කරන්නේ ද යන්නත් සොයා බැලීමට පියවර ගනු ඇතැයි ද විශ්වාසය පළ කර
සිටිනවා
No comments:
Post a Comment