
තරගාවලියේ අවසාන දිනය අද වන අතර ගෙවුණු දින
තුන තුළ වාර්තා වූයේ නව වාර්තා දෙකක් පමණක් වීම කැපී පෙණින.ගෙවුණු ආසියාතික කණිෂ්ඨ
මලල ක්‍රීඩා උළෙලේ උණුසුමෙන් පිබිදී ඇති උළෙලක් බවට පත් වී තිබෙන මෙම ක්‍රීඩා උළෙල
ඉතිහාසයේ මලල ක්‍රීඩා උළෙලක් සදහා වැඩිම පිරිසක් සහභාගි වූ උළෙල බවට පත් වී
ඇත.පාසල් 300 ට වැඩි ප්‍රමාණයක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් 4500
ට වැඩි පිරිසක් මෙම උළෙලට සහභාගි වන අතර ඇතැම් වයස් කාණ්ඩ තරග වලදී එක් ඉසව්වකට
300 ඉක්මවා සහභාගි වන අවස්ථා ද දකින්නට ඇත.
ප්‍රදේශයේ වගකිව යුතු ආයතන ඇඹිලිපිටියට
ආශිර්වාදයක් වෙමින් පැවත්වෙන මෙම ක්‍රීඩා උළෙලට සහයෝගය දැක්වීම පසෙකලා එය වවා ගෙන කෑමේ
ව්‍යාපෘතියක් දියත් කරන්නට අර අදින තත්ත්වයක් තුළ ක්‍රීඩා පිටිය ශුද්ධ පවිත්‍ර
කිරීමේ සිට සියළු වගකීම් වලට මූලිකත්වය දෙමින් සබරගමු පළාතේ ක්‍රීඩා අධ්‍යක්ෂ පියසාර
අලහකෝන් ඇතුළු සබරගමු පළාතේ ක්‍රීඩා ගුරුවරුන් තරගයේ ප්‍රධාන සංවිධායක ව්‍යහුය
ශක්තිමත් කිරීමට දක්වන දායකත්වය අතිශයින් පැසසුම් සහගතය.www.supirikrida.com
No comments:
Post a Comment