Jun 25, 2012

ශ්‍රී ලංකාව දැවැන්ත ජයක් අභියස


Suraj Randiv picked up 4 for 13ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ක්‍රියාත්මක ශ්‍රී ලංකා -පකිස්තාන පළමු ටෙස්ට් තරගයේ සිව්වන දිනය වන අද තරගය තීරණයක් කරා ගමන් කරන පැහැදිළිවම පෙනෙන්නට ඇති අතර පරාජයෙන් පකිස්තානයට ගැලවීම සදහා තවත් ලකුණු 474  ක් ලබා ගත යුතුව ඇත.නමුත් මේ වන විටත් ඔවුන්ට කඩුලු 3 ක් ලකුණු 36 ක් තුළ අහිමි වී ඇත.ශ්‍රී ලංකාව ප්‍රළම ඉණිමේ ලබාගත් ලකුණු 472 ට පිළිතුරු වශයෙන් පකිස්තානය ලකුණු සියයකට දැවී ගිය අතර ඒ සදහා පෙරමුණ ගත් පන්දු යවන්නා වූ සුරාජ් රන්දිව් ලකුණු 13 ට කඩුලු 4 ක් දවා ගත්තේය.රංගන හේරත් සහ නුවන් කුලසේකර පිලිවෙළින් ලකුණු 30 ට කඩුලු 3 ක් සහ නුවන් කුලසේකර ලකුණු 27 ට කඩුලු 2 ක් ලබා ගනිමින් සුරාජ් ගේ කාර්යය වඩාත් පහසු කළේය.
පකිස්තානු ප්‍රථම ඉණිමේ ඉලක්කම් දෙකේ ලකුණු සටහන් වූයේ තිදෙනෙකුගෙන් පමණි.නායක මොහොමඩ් හෆීස් (20),යුනිස් ඛාන් (29) සහ මොහොමඩ් අයුබ් (25) එම දායකත්වය දැක්වීය.ශ්‍රී ලංකාව ප්‍රථම ඉණිමේ ලකුණු 372 ක වාසියක් ලබා ගත්තද,ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන ඉණිමක ජයක් බලාපොරොත්තුවෙන් නැවත පන්දුවට පහර දීමට පකිස්තානයට ආරාධනා නොකළ අතර ඒ වෙනුවට නැවත පන්දුවට පහර දීමට පිවිසිණි.ප්‍රථම ඉණිමේදී මෙන්ම ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් දෙදෙන‍ා හොද ආරම්භයක් ලබා දුන් අතර පළමු කඩුල්ලේ සබදතාවය ලකුණු 81 ක් විය.තරංග පරණවිතාන ලකුණු 25 ට දැවී ගිය අතර ටීඑම් ඩිල්ෂාන් වේගවත් ලකුණු 56 ක් රැස් කරමින් පකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර ලකුණු පරතරය ලකුණු 500 සීමාව දක්වා ගෙන ඒමට විශාල දායකත්වයක් දැක්වීය.
නමුත් ජුනයිඩ් ඛාන් ගේ වේග පන්දුව ප්‍රථම ඉණිමට වඩා බලවත් ලෙස ශ්‍රී ලංකාවට අනතුරුදායක වූ අතර ඔහු ලකුණු  44 ට කඩුලු 3 ක් දවා ගත් අතර සහීඩ් අජ්මාල් යළිත් සාර්ථක වෙමින් ලකුණු 47 ට කඩුලු 2 ක් දවා ගත් අතර ශ්‍රී ලංකා ඉණිම කඩුලු 5 ක් දැවී ලකුණු 137 ක් ව තිබියදී ශ්‍රී ලංකා ඉණිම අත් හිටවීය.
පිළිතුරු ඉණිමට පිවිස සිටින පකිස්තානය යළිත් අසාර්ථක කරමින් ක්‍රියාත්මක වූ නුවන් කුලසේකර ලකුණු 13 ට කඩුලු 2 ක් දවා ගෙන සිටින අතර පකිස්තානු දෙවන ඉණිම තුළ පන්දු ඕවර් 3 ක් පමණක් යැවූ රංගන හේරත් ලකුණු 1 ට කඩුලු 1 ක් දවා ගෙන සිටියි.මේ තරගයේදී ද ගාලු තණතිල්ල එන්න එන්නම පිතිකරුවන්ට භයාණක අත්දැකීම් එක් කරන තණතීරුවක් ලෙස හැසිරෙන්නට පටන් ගෙන තිබීම ක්‍රීඩා පිටිය පිළිබදව අන්තර්ජාතික ක්‍රිකට් ප්‍රජාවගේ අවධානය යොමු කරන තත්ත්වයක් වීමට ඉඩ ඇත.
තරගයේ සිව්වන දිනය වූ අද තරගයේ තීරණය විසදී ශ්‍රී ලංකාවට දැවැන්ත ජයක් හිමි වීම වැළක්වීමට නම් පකිස්තානු පිති වලට වඩා ඒ හැකියාව වර්ෂාවට පමණක් ඇති බව පැහැදිළි වෙමින් තිබෙන අතර  ශ්‍රී ලංකාව සිටින්නේ තරගයේ ජය පෙනෙන මානයේ ය.තරගයේ ලකුණු සටහන පහත දැක්වේ. http://www.espncricinfo.com/sri-lanka-v-pakistan-2012/engine/current/match/562444.html

No comments: