ඇමෙරිකානු දැල් පන්දු කණ්ඩායමක් පරාජය කළ පළමු ආසියාතික කණ්ඩායම වීමේ ගෞරවය සහ සතුට පැය විසි හතරක් විද ගන්නටත් මත්තෙන් ආසියාවේ සිය සම්ප්‍රදායික දැල් පන්දු ප්‍රතිවාදිනිය වූ සිංගප්පූරුව වෙතින් දැවැන්ත පරාජයක් භුක්ති විදින්නට ශ්‍රී ලංකාවට සිදු වුණා.ලකුණු 60 - 43 ක් ලෙස විශාල ලකුණු පරතරයකින් සිංගප්පූරුව ඉදිරියේ පරාජය වූ ශ්‍රී ලංකා කණ්ඩායම සිංගප්පූරු ක්‍රීඩිකාවන්ගේ ශක්තිය සහ වේගය ඉදිරියේ බොහෝ පසුපසින් සිටිම මේ පරාජයට හේතු වූ බව එරටින් ලැබෙන ආරංචි මාර්ග සදහන් කර සිටිනවා.
තරගයේ දෙවන වටය නිමා වන විට පරාජය භාර ගෙන අවසන් බවක් පෙන් වූ ශ්‍රී ලංකා කණ්ඩායම තෙවන වටයේදි සිය ලකුණු යන්ත්‍රයන් දෙක ලෙස සැළකූ තර්ජනි සිවලිංගම් සහ සේමිනි අල්විස් ඉවත් කර තැබූ අතර අවසන් වටයේදී වත් තර්ජනි නැවත පිටියට කැද වන්නට තීරණය නොකිරීම විමතියට කාරණයක් වුණා.ශ්‍රී ලංකාව අවසන් වරට ආසියානු කුසලානය දිනා ගන්නා මොහොතේ ආසියාවේ සිටි ශක්තිවන්තම සහ වේගවත්ම කණ්ඩායම ලෙසත් හොදම දරා ගැනීමේ ශක්තියක් සහිත කණ්ඩායම ලෙසත් ගෞරවයට පාත්‍ර වූ ශ්‍රී ලංකාවට ඒ සදහා මග පෙන් වූ තිලකා ජිනදාස ගේ ඉවත් වීමෙන් පසු ක්‍රමිකව එම සාධනීය තත්ත්වයන් අහිමිව තිබෙනවා.නමුත් මේ තරගාවලියට ක්‍රීඩා කරන නවුජලී රාජපක්ෂ,ගයාංජලී අමරවංශ,සුරේකා කුමාරි,ගයනි දිසානායක,තිළිණි වත්තේගෙදර,සෙමිනි අල්විස් වැනි යොවුන් ක්‍රීඩිකාවන් මෙන්ම ආසියාතික යොවුන් තරගාවලියේදී කැපී පෙණුනම චමත්කා වන්නිනායක වැනි ක්‍රීඩිකාවන්ගේ තරුණ ශරීර ඒ සදහා හුරු කිරීමට හැකි මාර්ගෝපදේශනයක අවශ්‍යයතාවය සහ නැවත ඒ තුළින් ආසියාව ජය ගැනීමට ඇති හැකියාව මේ පරාජයන් තුළින් මතු වීම කෙරෙහි දැල් පන්දු බලධාරීන්ගේ අවධානය යොමු විය යුතුව තිබෙනවා.
ශ්‍රී ලංකාව ලකුණු ලබා ගැනීමේදී කෙතරම් දක්ෂතා දැක් වුව ද,ඔවුන් වෙත පන්දුව පැමිණිමේ දෝෂය මෙන්ම,ප්‍රතිවාදි දැල විදින්නිය සහ ප්‍රහාරිකාව වෙත පන්දුව ගමන් කිරීම වැළක්වීමට ඇති නොහැකියාව ද,ශ්‍රී ලංකා කණ්ඩායමේ පරාජයේ සංඛේතය බවට පත් වී තිබෙන බව දීර්ඝ කාලයක සිට පැහැදිළි වුව ද,ඒ සදහා ඇති ආසන්නම විසදුම වන තිලකා වැනි පුහුණුකාරියක් වෙත යොමු වීම කෙරෙහි අවධානය යොමු කිරීම ඊට සම්බන්ධව සිටින ඇතැම් ප්‍රවීනයන් විසින් වළක්වන බවට පැතිරී යන කතා තුළ විශාල සත්‍යතාවයක් ඇති බවට සාධාරණ සැකයක් දක්ෂ ක්‍රීඩිකාවන්ගේ උපරිමය රටට ලබා ගැනීමට වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක නොවීම තුළින් මතු වෙනවා.
www.supirikrida.com

No comments:
Post a Comment