ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව වෙනස් කිරීමට අමාත්‍යවරුන්ට නොහැකි වන්නේ ස්වීය උවමනාව වෙනුවෙන් යහපත් මග පෙන්වීමක් නොලැබීම නිසාය.මහින්දානන්ද අලුත්ගමගේ ක්‍රීඩා අමාත්‍ය ධූරයට පත්වන විට ගාය ඇති ඇමති කෙනෙක් ලෙස විහාල වෙනස්කමක් කළ හැකි බවට විශ්වාසයක් ඉපදුණු අය අතර අප ද සිටියෙමු.විශේෂයෙන් අමාත්‍යවරයා ගැන ඉතා පැහැදීමෙන් ප්‍රකාශයක් කළ ඔලිම්පික් කමිටු සභාපති හේමසිරි ප්‍රනාන්දු ක්‍රීඩා අමාත්‍යවරයාට හැකි සෑම සහයක්ම ලබා දීමට මැදිහත් වන්නැයි මාධ්‍යයෙන්ද ඉල්ලා සිටියේය.
මේ සබැදියාව එතරම් යහපත් එකක් නොවනු ඇති බව ක්‍රීඩාව සිය න්‍යාය පත්‍ර තුළ ක්‍රියාත්මක කිරීමට බලා සිටින පිරිසට මෙන්ම අමාත්‍ය මණ්ඩල නිලධාරීන් ලෙස වැජඹෙන්නට කැමති චරිත වලට ද වැටහිණ.ප්‍රතිපලය වූයේ ජාතික ඔලිම්පික් කමිටුව පාලනය කළ හැකි සීමාවන් සහ ඊට අන්තර්ජාතික වශයෙන් ඇති බැදීම් සමග ක්‍රීඩා අමාත්‍යංශ විෂය පථයට හසු නොවන සේ ඇති ස්වාධිනත්වය වසන් කරමින් ඔලිම්පික් කමිටුව අමාත්‍යංශයේ වහල් සේවය සදහා යොදා ගැනීමට අමාත්‍යවරයාගේ මනසට විෂ පෙවීමය.ශ්‍රී ලංකාවේ සිටින අති දැවැන්ත පරිපාලන මෙහෙයුම් සමග සුපිරි දේශපාලන සබදතා සහ අන්තර්ජාතික සම්බන්ධතා ඇති හේමසිරි ක්‍රීඩා අමාත්‍යංශයේ න්‍යාය පත්‍රයට ඇතුළත් කර ගැනීමට යාම ගැටළුවක් ඇති වීමක් බව මේ පිරිස් දැන සිටි අතර ඔලිම්පික් කමිටුවේ ස්වාධිනත්වය හෝ ස්වීය ස්වාධිනත්වය අමාත්‍යවරයාට උගස් කරන මට්ටක නැති ඉතිහාසයක් හේමසිරි සතුව පැවතීම නිසා මේ සදහා පෙළඹවූ සිගාල මානසිකත්වයක් ඇති පිරිස සිංහ - කොටි ගැටුමෙන් තමන්ට භුක්ති විදින්නට ලැබෙන වරප්‍රසාද මූලික කොට ඊ ළග පියවරට අවශ්‍යය න්‍යාය පත්‍ර ලහි - ලහියේ සකස් කරන්නට විණ.
වර්ථමාන ක්‍රීඩාවේ
දේශපාලන නායකත්වය සහ ඊට සම්බන්ධ වට පිටාව ක්‍රමයෙන් ජරාජීර්ණත්වයට පත් වෙමින්
ලාංකේය ක්‍රීඩාවන්ට අන්තර්ජාතික තලයට ප්‍රවේශ විමට ඇති ද්වාර වැසී
යාමේ අවධානමක් මතු වෙමින් පැවතීම දක්වා තල්ලු වී යන්නේ මේ තත්ත්වයය.ක්‍රීඩාවක් යනු ලෝකයටම පොදු නීතිමය සාධක මත ජයග්‍රහණය
හෝ පරාජය තීරණය වන්නකි.ඒ නිසා අදාළ ක්‍රීඩාවන් හී පැවැත්ම තීරණය කරන සාධකය
වන්නේද,ඒ - ඒ ක්‍රීඩාවන් හී අන්තර්ජාතික දේහයන් වල ක්‍රියාකාරිත්වයයි.අපේ ඇගේ
හැටියට ක්‍රීඩාව වෙනස් කරන්න යාමෙන් වෙන්නෙ අපිට පොඩි ස්වයං වින්දනයක් විදින්න
ලැබීම පමණක් වන අතර ලෝකයට එය තුට්ටුවකට නොවටිනා ක්‍රියාවක් බවට පත් වෙනවා.ජාත්‍යන්තර
ඔලිම්පික් කමිටුව හරහා පසුගියදා ඒ විදිහට අපේ ස්වයාං වින්දන හීනොත්මාදය නවතා දමන බලපෑමක් ඇති
කරමින් ජාතික ඔලිම්පික් කමිටු නිලවරණය කල් දැමීම සිද්ධ කරන්නෙ ඒ පරිසරය මතයි.
ක්‍රීඩාවකට ජාත්‍යන්තර
මෙහෙයුම් දේහයක් පනතින බව සැබෑවක්.ක්‍රීඩාව ක්‍රියාත්මක විය යුත්තේ කෙසේද යන්න පිළිබදව
තීරණ ගැනීමේ බලය පවතින්නේ මේ අන්තර්ජාතික දේහයටයි.එම රාමුවෙන් පිට වැඩ කරන්න ක්‍රීඩා
අමාත්‍යවරයාට තබා එම රටේ දේශපාලන නායකයාටවත් හැකියාවක් නැහැ.නමුත් ඇමතිවරු ප්‍රභුවරු
සමග ඡායාරූපයකට පෙනී සිටිමත් ජීවිතයේ ලද මහත් වු භාග්‍යයක් ලෙස සළකන පිරිස්
ඇමතිවරුන්ට මේ තත්ත්වය මතක් කර දීමේ දැණුමෙන් පහළ අඩියක සිටින්නෝ බැවින්,ස්ර්ට
උඩින් මේ ස්පෝර්ට්ස් ෆීල්ඩ් එකේ මැස්සෙක්ටවත් යන්න බෑ කියන නලාව ගහමින් ඇතැම් විට මාධ්‍යවලටද ක්‍රීඩාව උගන්නන්න හදන
අවස්ථා උදා වෙනවා.
ක්‍රීඩා අමාත්‍යංශය
ලෝකයත් එක්ක පාහන්න ඕනි තැන් මේ සිස්ටම් එක ඇතුලෙ බිදි යන අතර රටේ ක්‍රීඩාවට ලෝකය
ඉදිරියේ අප්‍රසන්න අත්දැකීම් වලට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා.ඉකුත් වසරේ මලල ක්‍රීඩා
නිලවරණය පැවත්වුණේ එය වෙනස් විය යුතු බවට විශාල මතවාදයක් පැතිරී තිබුණු
මොහොතකයි.එහෙත් ඒ වෙනස් වීම චණ්ඩියෙක් විදිහට කරන්න යාම නිසා ජාත්‍යන්තර මලල ක්‍රීඩා
සංගමයට වේවැල අතට ගන්නට සිද්ධ වුණා.මේ ගමණ ඡන්දය වෙලාවෙ ගියවර වේවැල අතට අරං අපේ
සෙල්ලම් අපිට ඕනි විදිහට කියල චණ්ඩි පාට් දාපු අමාත්‍යංශයට සහ දෙපාර්තමේන්තුවට
ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමය ඉදිරියෙ හ්ම් කියන්නවත් චාන්ස් එකක් ලැබුණෙ
නැහැ.බොහොම කීකරු විදිහට හැසිරෙන්නට සිද්ධ වුණා.
ඒ අත්දැකීම විදින අතරේ
ක්‍රීඩා පනත පාවිච්චි කරමින් පොතේ හැටියට වැඩේ දීල ඔලිම්පික් ආයතනය ක්‍රීඩා
අමාතයංශයට නැතිනම් දේශපාලන අධිකාරියට සම්පූර්ණයෙන් යටත් ආයතනයක් කරන්නට පිඹුරුපත්
සකස් කරන්නට වුණා.ඒකට පත් කළ කමිටුවට අනුව ක්‍රීඩාවේ සර්වබලධාරියා වුණේ ක්‍රීඩා
අමාත්‍යවරයා.ඔහු වැඩ සිටින අමාත්‍යංශ සහ දෙපාර්තමේන්තු දෙවොලට විත් යාතිකා කර
ආශිර්වාද ලබා නොගෙන යමක් කළ නොහැකි තත්ත්වයට වෙන වෙන රූප රාමු මවමින් ක්‍රීඩා
අමාත්‍යවරයාගේ බලය සම්පූර්ණයෙන් ක්‍රීඩා පිටිය මත පතිත කරන්නට වුණා.මේ ක්‍රීඩා
සංගම් අතරින් ඔලිම්පික් ක්‍රීඩා ලෙස පිළිගත් ක්‍රීඩා පරිපාලනයන් හී මුල් පුටු
වෙනස් වීමෙන් ඔලිම්පික් ආයතනයේ බලය තීරණය කරන නිලවරණයේ දි පවතින පරිපාලනය වෙනස් කළ
හැකි මට්ටමට ඊට එරෙහි ඔළු ගණන සංඛ්‍යාත්මකව ඉහළ නංවා ගැනීමේ ක්‍රියාවලියක් දියත්
වන්නට ගන්නවා.
නීති පණත් සංශෝධන ගෙනා
පිරිස් නංගි පෙන්නා අක්කා දීමේ ස්වභාවයෙන් ක්‍රීඩා අමාත්‍යවරයාට ක්‍රීඩාව සම්බන්ධයෙන්
ඇති මැදිහත් වීමේ හැකියාවන් අවම කරන බව පෙන්වමින් වෙනත් ආකාරයකට අමාත්‍යවරයාගේ සහ
ඔහුට අවනත කර ගත හැකි අමාත්‍යංශයේ බලපෑමේ පරිමාව විශාල කරන්නට වුණා.ඒත් ජාත්‍යන්තර
ඔලිම්පික් කමිටුව සවිස්තරාත්මකව විමසා බැලීමේදී ඒ ඒ ජත්‍යන්තර ක්‍රීඩා පරිපාලන ඒකකයන්හී මූලික හර පද්ධතීන්
මෙම ක්‍රීඩා පණත තුළ යම් අවස්ථාවන්හී ක්‍රියාත්මක නොවන බව උල්ලංඝනය වන බව පෙන්වා
දීමෙන් ඉනික්බිති කන්දක් තරමට විලි රුදා පෙනවා වදන්නට හැදූ අලුත් ඔලිම්පික්
පරිපාලනයේ සිහිනය ගබ්සාවට ලක් වෙනවා. දැන් නිලවරණය හැකිලෙනවා.අමාත්‍යංශය සමග ජාත්‍යන්තර
ඔලිම්පික් කමිටුව කළ සාකච්ඡාවේදී රටේ ක්‍රීඩකයන්ට සිංහ ධජය අතැතිව ජාත්‍යන්තර උළෙල
සදහා සහභාගි වීමට ඇති අවස්ථාව පවා අහිමි කිරීමට ඔවුන්ට ඇති හැකියාව පැහැදිළි කළ
විට ක්‍රිඩා පණතෙන් ක්‍රීඩා පරිපාලන ස්වාධිනත්වයට බලපෑම් කරන වදන් ඉවත් කර ගැනීමට
එකග වන්නට සිදු වෙනවා.
මේ එකගතාවය ඇති කර ගැනීම
තුළ පැහැදිළි වන යථාර්තයක් තියෙනවා.අමාත්‍යංශය ක්‍රියාත්මක කරන ක්‍රීඩා පනත
අවධිමත් එකක් බව මෙන්ම එය අන්තර්ජාතික
මට්ටමේ වටිනාකම් හදුනා නොගත් එකක් බව එයින් ප්‍රධානයි.72 ඇති වූ පණත එසේ වූවා යැයි
සිතමු.නමුත් එය මෑත දි වෙනස් වීමේ දී වෙනස් වී නැති බවත් මේ එකගතාවයෙන් පැහැදිළි
වෙනවා.ජගත් ක්‍රීඩා පරිපාලන ඒකක හදුනා ගෙන, ඊට සාපේක්ෂව ක්‍රීඩා පණතේ සංශෝධන සිදු
වී නැති බව පැහැදිළි කරන මේ සිදුවීම හරහා අදාළ සංශෝධනයන් ක්‍රීඩාවේ ස්වාධිනත්වය
ඇති කිරීම වෙනුවට එය තව දුරටත් යටහත් පහත්ව ක්‍රියා කිරීම සදහා යොදා ගැනීමක් සිදු
කර තිබෙන බවත් පැහැදිළි කරනවා.
ක්‍රීඩා පනත සංශෝධනය කිරීමේදී ජාත්‍යන්තර ක්‍රීඩා සංගම්වල අණ පනත් අධ්‍යයනය කළේ නම් මෙවැන්නක් සිදු විය නොහැකියි.එහි ප්‍රතිපලය වූයේ බෘස්ලිට පොල් අඩි කාරයෙක් සරම උස්සා ගෙන පාට් දමන්නට ගියහොත් වන ආනිශංසයට ලංකාවේ ක්‍රීඩා පණත පත්වීමයි.ක්‍රීඩා පණත සංශෝධනය කිරීමට අදහස් ලබා ගැනීමට පිරිස රැස් කරද්දීත් මුණිවත රකින සහ අමාත්‍යවරයාට හෝ රජයට එදිරිව නොයන පිරිස් ලෙස තෝරාගත් පිරිසක් රැගෙන එන්නට කටයුතු කරන්නට අමාත්‍යවරයා වට කරන සිටින කේවට්ට නිලධාරීන් උනන්දු වුණා.එහෙත් මේ සංශෝධනය ගැන කන්දක් වදන විලි රුදා පෙන්වමින් කෙදිරි ගෑ නීතිඥ පණ්ඩුක කීර්තිනන්දට මේ ලියුම්කරුම පළමු ක්‍රීඩා මාධ්‍යවේදීන්ගේ ජාතික පදනම රැස් වූ අවස්ථාවේදී ප්‍රසිද්ධියේ කරුණු ඉදිරිපත් කළා.එය පසුව කතා කළ යුතු වැදගත් දේ බව ප්‍රකාශ කර සාකච්ඡා කිරීමට එකග වූ නිතිඥවරයා සභාවේ වැඩ කටයුතු නිමා වීමටත් ප්‍රථම සැලියුට් එකක් දමා පිටව ගියා.
ජාත්‍යන්තර ක්‍රීඩා සංගම්වල මූලික හැඩයට මෙන්ම ඇතැම් සටන් ක්‍රීඩා ආදියට රටේ පොදු නීතිය ක්‍රියාත්මක කරන ආකාරයේද යම් යම් සංශෝදන විය යුතු බව පේනවා දුන්නත් ඒවා මරු යැයි කීවා හැරෙන්නට අඩුම තරමේ සාකච්ඡාවට හෝ උත්සාහ නොකළ නීතිඥවරයා තවමත් ක්‍රීඩා අමාත්‍යංශයේ නීති කටයුතු වල ප්‍රධානියා ලෙසම කටයුතු කරනවා.ඉතාම ආසන්න අවස්ථාවක ක්‍රීඩා පණත සංශෝධනය කිරීමේදී ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ උදහසට ලක්විය හැකි කරුනු එම පණතේ ඇත්දැයි යන්න නොදැන ක්‍රියා කර ඇති බව ක්‍රීඩා පණතේ ඇතැම් කොටස් සංශෝධනය කිරීමට එකග වීම තුළ පැහැදිළි වෙනවා.එය නොසළකා හැරීමක් ලෙස නොසළකා තව දුරටත් ඔහුම සේවයට යොදවා ගැනීමට තරම් ලංකාවේ නීති කේෂ්ත්‍ර තුළ දැණුමත්තන්ගේ හිගයක් පවතීද යන්න කල්පනා කළ යුතුව තිබෙනවා.
එවැනි අතපසුවීම් හෝ පැහැර හැරීම් කරන චරිතම තව දුරටත් ඒ සංශෝධන කිරීම සදහා ද යොදා ගන්නවාද,නොගන්නවාද යන්න ක්‍රීඩා අමාත්‍යවරයා
මේ මොහොතේ සිතිය යුතුව තිබෙනවා.බැටළුවන්ට සිංහ හම් පොරවා සිංහයන් කළ නොහැකිය යන්න
සත්‍යයක් බව අප අමතක නොකළ යුතු අතර ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව අභියස සිදු වූයේද
සිංහ හම් පොරවා ගත් බැටළුවන් කේසර නාදය නගන්නට ගොස් හත් පොලේ ගා ගැනීම බව අප අමතක නොකළ යුතුව තිබෙනවා.ඊ ළගට
මතුවන ගැටළුව මාධ්‍ය විසින් මේ සිදුවීම් වාර්තා කළ යුතු ආකාරය පිලිබදව ක්‍රීඩා අමාතයංශයේ මාධ්‍ය අංශයේ
උපදෙස් අනුව සිදුවිය යුතුය යන්න ඔබ විසින් සිතීමය.මාධ්‍ය අංශය එසේ සිතුවද බොහෝ විට
අමාත්‍යවරයා ඊට වඩා සුභදායී හැගීමෙන් මාධ්‍ය සමග කටයුතු කළ අතර දැන් එය ද විපර්යාසයකට භාජනය
වෙමින් තිබෙන බවක් දැනෙන්නට ඇත.එම සිංහ වේශය ද ඉදිරි පැවැත්මට සුදුසු එකක් නොවන
අතර ඇතැම් විට එහි ප්‍රතිපලය සිංහ හම ගැලවී ගොස් බැටළු හමට වඩා අජූව සත්ව රූපයක් මතු වී ප්‍රදර්ශනය විමක් විය
හැකිය යන්න ක්‍රීඩා අමාත්‍යවරයා සිහියේ තබා ගත යුතු වෙනවා.
No comments:
Post a Comment