බටහිර ආසියානු බේස්බෝල් තරගාවලිය 11 වන වරටත් පකිස්තානයේ පන්ජාබ් ක්‍රීඩාංගණයේදි ආරම්භ කරමින් නේපාලයට එරෙහිව තරග බිමට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 18 - 0 ක ජයක් ලබා ගැනීමට සමත් වුණා.ශ්‍රී ලංකා කණ්ඩායම කණ්ඩායමක් හැටියට පෙන් වූ දක්ෂතාවය ඉහළ මට්ටමක පැවති බව වාර්තා වන අතර ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය සනාථ කිරීම සදහා දම්පිය මහතන්තිල ලකුණු 4 කින් දායකත්වය ලබා දුන් අතර නෙලංක කරුණාරත්න සහ සමීර රත්නායක ලකුණු 3 බැගින් කණ්ඩායමට එක් කරනු ලැබුවා..මෙම තරගය මෙන්ම පකිස්තානය සහ ඇෆ්ගනිස්ථානය අතර පැවති තරගයද වට පහ බැගින් ක්‍රියාත්මක වූ අතර එම තරගයේදී පකිස්තානය ලකුණු 31 -0 ක ් ලෙස ඇෆ්ගනිස්තානය පරාජය කළා
තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය අද එරට වේලාවෙන් පස්වරු 2.00 ට ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවත්වෙනවා.තරගාවලියේ නිමාව සටහන් කරමින් හෙට ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර තරගය එරට වේලාවෙන් පස්වරු 2.00 ට පන්ජාබ් ක්‍රීඩාංගනයේදි පැවත්වීමට නියමිතව තිබෙනවා.එසේම තරගාවලියේ ආරම්භක දිනයේදී පකිස්තානය සහ නේපාලය අතර තරගයේ ප්‍රධාන විනිසුරු ලෙස සුජීව විජේනායක කටයුතු කිරීම මෙන්ම එම තරගයේ පළමු බේසයේ විනසුරු ලෙස තරංග සම්පත් කටයුතු කිරීමත් ශ්‍රී ලංකාව ලැබූ ජයක් ලෙස හැදින්විය හැකියි.
එසේම අලුත් ප්‍රවර්ධන ක්‍රියාවලියක් හරහා ශ්‍රී ලංකාවේ බේස්බෝල් ක්‍රීඩාව ඉහළ තැනකට රැගෙන යාමට වත්මන් සභාපති කාලිංග ඉන්ද්‍රතිස්සයන් දරණ වෑයම අගය කරමින් පරිපාලනයේ සිටින සම්ප්‍රදායික බේස්බෝල් ක්‍රියාකාරීන් පිරිසක් සිය අවශ්‍යයතා වෙනුවෙන් කාලිංගව සෙමින් යොදවා ගැනීමක් සිදුවන බව ද මේ තරගාවලියට කණ්ඩායම තෝරා ගැනීමේ සිට වුව ද වටහා ගැනීමේ හැකියාව තිබෙනවා.උදාහරණයකට ලංකාවේ ක්‍රියාත්මක වූ ඉහළ මට්ටමේ දේශිය තරගාවලියේදී කිසිදු කණ්ඩායමකට තෝරා නොගත් නෙලංක කරුණාරත්න මේ සංචාරයට තෝරා ගැනීමෙන් පසුව පැවති පළමු තරගයේදීම දක්ෂතා අතරට පිවිසෙමින් දේශිය තරගාවලිය අහිමි කිරීමේ අසාධාරණය පැහැදිළි කර පෙන්වා දී තිබෙන අතර තරගාවලිය අතරතුර විනිසුරු තීරණයන්ට පිටු පා කණ්ඩායම තරගයෙන් ඉවත් කර පුහුණුකරුටම මෙම තරගාවලියට සහභාගි වන කණ්ඩායම පුහුණු කිරීම භාර දීමටත් කටයුතු කර තිබෙන බව දකින්නට ලැබෙනවා.
කරුණු අනාවරනය කර ගැනීමෙන් පසුව නිරහංකාරව සිය ස්ථාවරයේ වැරදි අඩු-පාඩු සකස් කර ගැනීමට ඉදිරිපත් වීමේ දුර්ලභ ගුණයක් කාලිංග සතුව තිබෙන බවට මෙම සටහන් කරුට ක්‍රීඩා කේෂ්ත්‍රය සම්බන්ධයෙන්ම අත්දැකීම් තිබෙනවා.වරක් ජාතික නෙට්බෝල් සංගමය වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යවරයාව සිටි සීබී රත්නායක ඉදිරියේ කාලිංග සහ මා මතවාද දෙකක් දරමින් පෙනී සිටි අතර මා ඉදිරිපත් කළ කරුණු අමාත්‍යවරයා ඉදිරියේදීම දුරකථන ඇමතුම් මගින් තහවුරු කර ගත් කාලිංග සිය ස්ථාවරය වෙනස් කරමින් පැවති නෙට්බෝල් පරිපාලනය වෙනස් කළ යුතු බවට මා ඉදිරිපත් කළ කරුණු අනුව කටයුතු කිරීමට අමාත්‍යවරයා ඉදිරියේ එකගත්වය පළ කළා.ඒ කරුණු සිහියේ තබා ගෙන මෙම සටහන් හි සත්‍යයද අවබෝධ කර ගැනීමට කටයුතු කරන්නේ නම් කාලිංග ඉන්ද්‍රතිස්ස ලාංකේය බේස්බෝල් ක්‍රීඩාව තුළ අලුත් පැහැබර පරිච්ඡේදයක් ලෙස ඉතිහාසයට එක් වීම නොවැළක්විය හැකි බව සුපිරික්‍රීඩා අදහසයි.
www.supirikrida.com

No comments:
Post a Comment