සිංගප්පූරුවේ පැවත්වෙන නේෂන් කුසලාන තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ ඇමෙරිකාව අතර පැවති තරගය ලකුණු 67 - 37 ක් ලෙස ජය ගන්නට ශ්‍රී ලංකාවට හැකි වුණා.ජගත් ශ්‍රේණිගත කිරීම් හී 23 වන ස්ථානයේ පසුවන ශ්‍රී ලංකාවට මෙම ජයග්‍රණය වඩා වැදගත් වන්නේ ඇමෙරිකාව දැනට ජගත් ශ්‍රේණිගත කිරීම් හී පසු වන්නේ 19 වන ස්ථානයේ වීම නිසයි.ඒසේම දැල් පන්දු තරගයකදී ලොව දැල් පන්දු බලවතා නොවුණ ද,ලෝක බලවතා ලෙස සැළකෙන ඇමෙරිකාව පරාජය කළ පළමු ආසියාතික කණ්ඩායම ලෙස ඉතිහාසයට එක් වන්නටත් මෙම ජයග්‍රහණය නිසා ශ්‍රී ලංකාවට හැකි වීම සුවිශේෂි තත්ත්වයක් ලෙස හැදින්විය හැකියි.
මෙම ජයග්‍රහණය වෙනුවෙන් ඇමෙරිකාවෙන් බලාපොරොත්තු වූ තරම් පීඩනයක් එල්ල නොවීම ද එක් හේතුවක් වූ බව තරගයෙන් පසුව මාධ්‍ය ඇමතූ පුහුණුකාරිණි සොමිතා අල්විස් පෙන්වා දුන් අතර සිංගප්පූරු ආරංචි මාර්ග තව දුරටත් පෙන්වා දෙන්නේ ඊයේ තරගයට යොදා ගත් කණ්ඩායම් සංයුතිය දැඩි කැපවීමෙන් ක්‍රියා කිරීම මෙම ජයග්‍රහණයට පදනම වූ බවත් ඔවුන් අනවශ්‍යය ලෙස කළබලකාරී නොවන්නේනම් මෙවැනි ජයග්‍රහණයන්හී අවසානය මීටත් වඩා ලකුණු පරතරයක් ඇතිව ලබා ගැනීමේ හැකියාව ශ්‍රී ලංකාවට තිබෙන බවත්ය.
තරගයේ දී සුපුරුදු පරිදිම ඉහළ ප්‍රතිශතයක් සමග ශ්‍රී ලංකාවේ ලකුණු යන්ත්‍රය වන තර්ජනී සිවලිංගම් ක්‍රියා කළ අතර ඇයට සුවිශේෂී දායකත්වයක් ලබා දුන් උප නායිකා සෙමිනි අල්විස් ගෝල් ඇටෑක් යන ස්ථානයේ ක්‍රීඩා කරමින් තරගය මනා පාලනයකට යටත් කිරීමට ක්‍රියා කළ ආකාරය දැල්පන්දු ලෝලින්ගේ පැසසුම දිනූ කාරනයක් වි ඇත.එසේම ගයනි දිසානායක ඇමෙරිකානු ශක්තිමත් ශරීර කූඩු හමුවේ නොසැලී දැල රකින්නිය ලෙස මෙම තරගයේදී ආරක්ෂක පෙළට ලබා දුන් ශක්තියද,දර්ශීකා අබේවික්‍රම ගෝල් ඩිෆෙන්ස් ලෙස ඇයට ලබා දුන් සහය ද මෙම තරගයේ ජයග්‍රහණයට බෙහෙවින්ම බල පෑ කාරණයක් වි ඇත.
පළමු තරගයේදී මෙන්ම මෙම තරගයේදී අඩක් ක්‍රීඩා කළ සුරේකා කුමාරි ද කැපී පෙනෙන ක්‍රීඩිකාවක් ලෙස ක්‍රීඩා ලෝලීන්ගේ ප්‍රසාදයට ලක් වී ඇති ක්‍රීඩිකාවන් ගොන්නේ සිටින අතර නවුජලී රාජලක්ෂ,තිලිණි වත්තේගෙදර සහ ගයාංජලී අමරවංශ ක්‍රීඩිකාවන් දැල් පන්දු අනාගතයේ පලබර බලාපොරොත්තු බවට ඉගි කරන තරග රටාවක නියැලුනෝය. තර්ජනී හැරුණු විට කණ්ඩායමේ සිටින පළපුරුදුම ක්‍රීඩිකාව වන මරීෂා ප්‍රනාන්දු ප්‍රතිවාදීන්ට එරෙහි දැඩි ආක්‍රමණශීලි තරග රටාවක නියැලුන ද,තවමත් තරගයට අවශ්‍යය මානසික ඒකාග්‍රතාවය පවත්වා ගැනීම කෙරෙහි ඇයගේ අවධානය යොමු වූ බවක් දැකීමට අපහසු බව සිංගප්පූරු ආරංචි මාර්ග පෙන්වා දෙන අතර ඒ නිසා සුළු අත් වැරදීම් ගණනාවක්ම ඇය අතින් සිදු ව බව ද වාර්තා වෙයි.ඇතැම් විට සිය නායකත්වය දෙන කණ්ඩායමේ සංයුතිය අඩු අත්දැකීම් සහිත ක්‍රීඩිකාවන් පිරිසකගෙන් යුක්ත වීම එයට හේතු වන්නට ඇති බව පෙනවා දෙන දැල්පන්දු විශාරදයින් ඇමෙරිකාවට එරෙහි ලද පහසු ජය ඉදිරියේදී ඒ තත්ත්වය වෙනස් කිරීමට හේතු විය හැකි බව පෙන්වා දෙයි.
එසේම කණ්ඩායම් ආරංචි මාර්ග පෙන්වා දෙන පරිදි ශ්‍රී ලංකාවේ අවසානම ආසියාතික කුසලාන ජයග්‍රහණයේ සිටි යෝධ ශක්තිය වූ තිලකා ජිනදාසයන් ද මෙම තරගාවලියට එක් වී සිටින අතර ඇය ද තරගයෙන් තරගයට මෙන්ම තරගය තුළ ද විවිධ උපදෙස් දෙන්නට නොමසුරුව දෙන සහයෝගයද ශ්‍රී ලංකා කණ්ඩායමට විශාල ශක්තියක් වී ඇත.
www.supirikrida.com

1 comment:
We, Sri Lankan beaten USA in 2003 with Somitha's captaincy and Gayathri's vice captaincy with Ms Yasa's coaching in their own land prior to World Cup Jamaica.
Post a Comment