Aug 12, 2013

CLASSIC බැඩ්මින්ටන් මොරටු සරසවි බිමේදී

ස්නාහිර පලාත් බැඩ්මින්ටන් සංගමය 15 වන වරටත් සංවිධානය කරන CLASSIC බැඩ්මින්ටන් තරගාවලිය සැප්තැම්බර් 6 ,7 සහ 8 යන තෙදින තුළ කටුබැද්ද විශ්ව විද්‍යාලීය ගාහස්ත ක්‍රීඩාංගණයේදී පැවත්වීමට කටයුතු යොදා ඇත.අවුරුදු 15 න් පහළ සහ 18 න් පහළ බාලක සහ බාලිකා තරග යුගල සහ කේවල වශයෙන් ක්‍රියාත්මක වන අතර අවුරුදු 20 න් ඉහළ සහ අවුරුදු 40 න් ආධුනික කාන්තා සහ පිරිමි තරග කේවල/යුගල සහ මිශ්‍ර යුගල ලෙස ක්‍රියාත්මක වීමට නියමිතය.
තරගාවලියේ ඒ ඒ අංශයන්හී සූරතා සහ අනු සූරතා දිනන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වටිනා ත්‍යාග සහ සහතිකපත් පිරිනැමෙන අතර බස්නාහිර පළාතේ පදිංචිකරුවන්ට පමණක් තරගාවලිය නියෝජනය කිරීමේ අවස්ථාව හිමි වන අතර තරගාවලියේ අයදුම්පත් භාර ගැනීමේ අවසාන දිනය වන අගෝස්තු 30 දා ට පෙර සියළුම අයදුම් පත් තරග ලේකම්,ෂටල් පවර් බැඩ්මින්ටන් ක්‍රීඩාගාරය,අංක 136,පූර්වාරාම පාර,කිරුළපන, කොළම 5 යන ලිපිනයට ලැබෙන්නට  සැළසිවිය යුතුය.අසංක පීරිස් 0718217056,එල්ආර් ආරියනන්ද 0012726383 හෝ චින්තක ප්‍රනාන්දු 0712301151 ඇමතීමෙන් තරගාවලිය පිළිබද වැඩි තොරතොරු ලබා ගැනීමට හැකි අතර තරග අයදුම්පත් සහ වැඩි විස්තර www.supirikrida.com වෙබ් අඩවියේ සපයා තිබෙන විශේෂ සබදතාවය හරහා ද ලබා ගැනීමට හැකියාව ඇත.

No comments: