
අවසාන තරගය සදහා සුදුසුකම් ලබා සිටින 12 දෙනා අතරේ ආසියාතික ක්‍රීඩිකාවන් දෙදෙනෙක් පමණක් දකින්නට ලැබෙනවා.ඒ අනුව නදිකා ගේ තේරී පත්වීම ආසියාවට ද ඉතා වැදගත් වන අතර අවසාන තරගයට සුදුසුකම් ලබා සිටින අනෙක් ක්‍රීඩිකාව වන්නේ චීන ජාතික ලින්ග්වෙයි ලී ය.නදීකා මීටර් 60.39 ක දක්ෂතාවයක් දැක් වූ අතර ලී ගේ දක්ෂතාවය වූයේ මීටර් 61.51 කි.
මීටර් 400 සහය දිවීමේ තරගය නියෝජනය කළ ශ්‍රී ලංකා කණ්ඩායම තමන් සහභාගි වූ තරගයේදී අවසාන ස්ථානයට පත් වුණා.ඇමෙරිකාව ජය ගත් එම මූලික තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම වාර්තා කළ කාලය විනාඩි 3;06.59 ක් වුණා.මෙම ඉසව්වේ අවසාන තරගය ද,ඇමෙරිකාව ජයගත් අතර ඔවුන් මේ වසරේ හොදම කාලය වාර්තා කරමින් විනාඩි 2;58,71 කින් තරගය නිමා කරන්නට සමත් වුණා.
www.supirikrida.com
No comments:
Post a Comment