Aug 11, 2013

ක්‍රිස්ටීන් හෙට තරග බිමට

මොස්කව් හී පැවත්වෙන ජගත් මලල ක්‍රීඩා සූරතාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රිස්ටීන් මෙරිල් හෙට මෙරට වෙලාවෙන් උදෑසන 8.50 ට මීටර් 400 කාන්තා කඩුලු පැන දිවීමේ ඉසව්වට සහභාගි වීමට නියමිතය.ඇමෙරිකාවේ සහ ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය හිමි ක්‍රිස්ටීන් මෙවර තරගාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග වදින පළමු ක්‍රීඩිකාව වන්නීය.ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අදාළ පරිසාධන මට්ටමට පිවිසි ක්‍රීඩිකාවන් දෙදෙනෙකු සහ මීටර් 400 සහය දිවීමේ පිරිමි කණ්ඩායම මෙම තරගාවලියට සහභාගි වන අතර ඒ අනුව ඉදිරියේදී නදීකා ලක්මාලි කාන්තා හෙල්ල වීසි කිරීමේ ඉසව්වටත් මීටර් 400 පිරිමි සහය දිවීමේ කණ්ඩායම මීටර් 400 සහය දිවීමේ ඉසව්වටත් සහභාගි වීමට නියමිතව ඇත.

No comments: