Aug 17, 2013

දක්ෂතම ක්‍රීඩක සම්මාන කුලේ ලා අතර බෙදෙති

Kosala Kulasekara pulls during his unbeaten 44
කෝසල
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන්නට යෙදුණ සුපර් ෆෝර්ස් 20/20 තරගාවලියේ සූරතාවය දිනා ගන්නට බස්නාහිර ග්‍රීන් කණ්ඩායම පරාජයට පත් කළ කදුරට මෙරුන්ස් කණ්ඩායම සමත් වූ අතර එම ජයග්‍රහණය සදහා මාවත සකස් කරමින් විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ කදුරට කණ්ඩායමේ නුවන් කුලසේකර තරගයේ වීරයා සම්මානයට හිමිකම් කීවේය.තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස සම්මාණනීය වූයේ බස්නාහිර කණ්ඩායමේ කෝසල කුලසේකර ය.
කාසියේ වාසිය දිනා ගනිමින් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ ශ්‍රී ලංකා නායකත්වය දැරූ බස්නාහිර කණ්ඩායම ලකුණු 109 ක ට සීමා කරන්නට කදුරට කණ්ඩායමට හැකි විය.එහිදී විශිස්ට පන්දු යැවීමක නිරත වෙමින් බස්නාහිර කණ්ඩායමේ ප්‍රවේගයට හරස් වූ කදුරට පන්දු යවන්නන් අතරින් නුවන් කුලසේකර සිය පන්දු වාර 4 තුළ ලකුණු 19 ක් ලබා දී කඩුලු 3 ක් දවා ගත්තේය.නායක මැතිවිස් නායකත්වයේ ඉණිමක් ක්‍රීඩා කරමින් නොදැවී ලකුණු 53  ක් රැස් කඝේ පන්දු 49 ක් තුළ ය.
පිළිතුරු ඉණිමට පිවිසි කදුරට කණ්ඩායම වෙනුවෙන් උපුල් තරංග ලකුණු 32 ක් ලැබූ අතර කෞෂාල් ලොකුආරච්චි නොදැවී ලකුණු 26 ක් ලබා දුන්නේය.කඩුලු තුන ඇන්ජලෝ මැතිව්ස්,ඉසුරු උදාන සහ කෝසල කුලසේකර අතර බෙදී ගිය අතර සචිත්‍ර සේනානයක කඩුලු ලබා නොගත්තද තරගාවලිය පුරාම ලකුණු ලබා ගැනීමට එරෙහිව පිතිකරුවන්ට වැට බදිමින් ක්‍රියා කළ අයුරෙන්ම සිය පන්දු වාර හතර ලකුණු 12 ට සීමා කරන්නට සමත් විය.
http://www.espncricinfo.com/super4-t20-2013/engine/current/match/659519.html තරගයේ ලකුණු සටහනට පිවිසීමේ හැකියාව ඇත.
www.supirikrida.com

No comments: